Feeds:
Posts
Comments

A lot of people travel by bus and train where some people use their own vehicles. But some vehicle owners prefer public transportation or office transportation services (mostly vans) to save some bucks that you spend on fuel.

Now, there is another option for those who like smooth, cool and decent way of traveling to office. The CityLiner. I liked the name in the first place and to my surprise the service is great too.

The service started off on March 2009 and failed due to some reasons that I don’t know. Most probably due to less interest on people.

It has been re-launched now and I seriously hope that it will be a success. I’ve traveled in CityLiner for about a week now and I can tell you it’s more convenient than using Public, Office or your own way of Transportation.

One could argue that it’s similar to Intercity AC bus service and why do you have to pay more to CityLiner?

But the reasons are that today’s intercity bus service is much similar to normal bus service. They stop everywhere. They load people to such extent where people pop out of the door as soon as it’s oppened.

The differences I see in Intercity and Normal bus services are that it has an AC system (that would’ve been great, had it worked properly), and the size and the no.of seats are smaller than a Layland bus.

All you have to do is call and specify where you should be picked up (if you are living between Moratuwa – Fort) and simply get on the bus at the agreed time.

See the CityLiner route on map

The service would operate from Moratuwa, from  6.40AM to 800AM at 20 minutes intervals and half an hour interval thereafter. The return trips in the evening would leave Fort from 4.40PM at 20 minute intervals with the last bus at 6.30PM.

The passengers could;

  • Board the bus from pre-arranged locations on Galle Road closest to their homes
  • Park their vehicles at the secured facility at Angulana
  • Have themselves dropped off at the Park and Ride facility or on Galle Road.

The charges are as below;

Daily unlimited – Rs 200
Weekly unlimited (Mon to Sat) – Rs 800
Weekly One way (Mon to Sat) – Rs 400
Monthly unlimited – Rs 3200
Monthly one way – Rs 1600

Sources: Personal experience / Press Release

කාලෙකට පස්සෙ ඔන්න පෝස්ට් එකක් ලියන්න හිතුන. එක පාරටම මොනවත් හිතාගන්න බැරිවුනු නිසා එච්චරම ජනප්‍රිය නැති ගීතයක් ගැන ලිව්වා. ඒත් මේ මම කැමතිම ගීතයක්.

පද රචනය: පොඩිරත්න අඟමලේ
ගී තනු නිර්මාණය:
M. R. චූලසිංහ
ගායනය:
W.D. ආරියසිංහ

මී ගීතයට සවන් දීමට පහත link එකට යන්න.

ඉර තනියට ඉරවට යන ගිරවුන් දුටිමී..
සඳ තනියට සඳ මත ඇඳි සාවුන් දුටිමි..
මල තනියල පෙති සිඹිනා බමරුන් දුටිමී..
මගෙ තනියට නුඹ විතරක් නැතිබව දුටිමී..

කියූ කතා දහස් වරේ සවනට එනවා..
මැවූ මැදුරු නටඹුන් ලඟ සිත වැලපෙනවා..
නිවූ වේදනා ගිනි සි
යොලඟ මැලවෙනවා..
ගෙවූ දවස ඔච්චම් කර මට හිනැහෙනවා..

ඉර තනියට….

මා අතහැර නුඹ නොපෙනී ගිය මග ලඳුනේ..
මේ කඳුලිනි උඳුපියලිය පියවිලි හැදුනේ..
ඒ සිත තාමත් නැතිබව වෙනතක බැඳුනේ..
ඈ හට පවසනු මැන, පායන හිරු සඳුනේ..

ඉර තනියට….

 



පරිඝණක ක්‍රීඩා (PC Games) කිව්වම නොදන්න කෙනෙක් නෑනෙ. සමහර අයටනම් ඉතින් games අල්ලන්නෙ නෑ, සමහර අය කැමතියි. ඉතින් මම හිතුවා ලංකාවේ පරිඝණක ක්‍රීඩා ගැන නොදන්නා කරුනු ටිකක් ගැන ලියන්න. මේ කතාකරන්න යන්නේ අපි සාමාන්‍යයෙන් පරිඝණකයට ස්ථාපනය කොට ක්‍රීඩා කරන single player games නොව, බහු-ක්‍රීඩක (multiplayer) පරිඝණකය ක්‍රීඩා ගැනයි.

ලංකාවේ බහු-ක්‍රීඩක පරිඝණක ක්‍රීඩා (multiplayer games) කරන අය එකතුවී සාදාගත් සමූහ / කංඩායම් (Clan/ Teams) තිබේ. එම සමූහ වල විවිධ වර්ගයේ ක්‍රීඩාවන් ක්‍රීඩාකරන අය සිටී. උදාහරනයක් වශයෙන් මා බැඳී සිටින්නේ [DC] (Death Company) යන සමූහයේ. මා එහි CoD4 (Call of Duty 4) යන පරිඝණක ක්‍රීඩාව ක්‍රීඩා කරනවා. මෙවැනිම තවත් සමූහයන් රාශියක් තිබෙනවා. ජනප්‍රිය සමූහයන් කිහිපයක් නම්; [DC] (Death Company) , MAX, -nA- (Noob Aliance) , =iG=- Infinity Gamers , [ESF] (Extreme Strike Force).

ලෝකයේ ජනප්‍රියම පරිඝණක ක්‍රීඩා වර්ගය වන Massively Multiplayer Online Role-Playing Games (MMORPG) අති විශාල ක්‍රීඩකයන් ගනනක් එකම ක්‍රීඩාවක යෙදවිය හැකි ක්‍රීඩා වර්ගයකි. World of Warcraft එයට උදාහරනක් වේ. මෙහිදී ඔබට ඔබේම Virtual චරිතයක් නිර්මාණය කොට ක්‍රීඩාව ගවේෂණය කිරීමට සහ එහි තිබෙන විවිධ අභියෝගයන්ට මුහුන දීමට පිලිවන්.

මීට අමතරව ඉතා බහුල වශයෙන් ක්‍රීඩා කරන First Person Shooter (FPS) වර්ගයේ ක්‍රීඩා අතර Counter Strike (CS) සහ Call of Duty 2/4/5 යන ක්‍රීඩාද අයත් වෙනවා. මෙම ක්‍රීඩා ඉතා සජීවී සහ ආක්‍රමණශීලී ගතියක් ගන්නේ එය සාමාන්‍යයෙන් කෙනෙක්ගේ ඇස් මට්ටමෙන් පෙපෙන ආකාරයට සාදා තිබෙන නිසාය. තාත්වික බවින් ඉතා ඉහල ගනයේ ක්‍රීඩා වැඩි වශයෙන් නිකුත් වන්නේ First Person Shooter (FPS) ක්‍රීඩා වර්ගයේදී සහ 3rd Person Shooter ක්‍රීඩා වලදීය.

2008 ලෝක පරිඝණක ක්‍රීඩා තරඟාවලියට (2008 World Cyber Games) ලංකාවෙනුත් කන්ඩායමක් සහභාගී උනා. මෙම කන්ඩායමේ නම Team Liquid.

දැන් GoogleTalk, MSN, Yahoo පාවිච්චි කරන්නේ නැති කෙනෙක් හොයාගන්න බෑ. ඒවාගේම බහු-ක්‍රීඩක පරිඝණක ක්‍රීඩා කරන අය X-Fire යන  මෘදුකාංගය පාවිච්චි කරනවා. තවද මෙම මෘදුකාංගය අප පරිඝණකයේ ස්ථාපනය කර ඇති පරිඝණක ක්‍රීඩා ස්වයන්ක්‍රීයව හදුනාගෙන එක ක්‍රිඩාව ක්‍රීඩා කිරීමට හැකි සර්වර් සොයා දෙනවා.

Team PeRks

මීට මාස කිහිපයකට කලින් දක්ෂතම CoD4 ක්‍රීඩකයින් එකතු කොට ලංකාවේ පලමු සහ එකම වෘත්තිමය CoD4 කණ්ඩායම (Pro-Team) සාදනු ලැබුවා.

එහි නම Team PeRks. මෙය කිසිම රාජ්‍ය අනුග්‍රහයකින් කල දෙයක් නොවේ. ලංකාවේ පරිඝණක ක්‍රීඩාව ලෝක මට්ටමකට ගෙන ඒම සඳහා ටික දෙනෙක් එකතුවී කල දෙයක්. ලඟදී මටත් ආරාධනාවක් පැමිණියා Team PeRks වෙතින්. ඉතින් මමත් දැන් Team PeRks වල සාමාජිකයෙක්.

මේ වන විට අප තරඟාවලි කිහිමයකට සහභාගී වෙමින් සිටිනවා. European Open Cup, Asian CoD4 Championship (ACC) මේවායින් සමහරක්. මධ්‍යස්ථව සිතා බැලුවොත් අප ඉතා කෙටි කලකින් අඩුම් පහසුකම් මැද වේගවත් දියුනුවක් ලබා තිබෙනවා. බහු ක්‍රීඩක පරිඝණක ක්‍රීඩාවල (Online Multiplayer Games) විශේෂ අංගයක් වන්නේ Network Ping (Latecy) එක. අප විදේශ රටවල් සමඟ ක්‍රීඩා කිරීමේදී අපට ඉතා ඉහල Ping එකක් ලබෙනවා. මොකද අපට එංගලන්තය, ජර්මනිය වැනි ඉතා දුට පිහිටා තිබෙන රටවල සර්වර් වල ක්‍රීඩා කිරීමට සිදුවන නිසා.

මේ නිසා අප කොතරම් ඉක්මනට ක්‍රීඩා කරත් මිලි තප්පර 250+ වැඩි ප්‍රමාදයක් ස්වයංක්‍රියවම අපට ලැබෙනවා. ඒ කියන්නේ අප දැන් කරන දේ ඔවුනට පෙනෙන්නේ මිලි තප්පර 250+ පස්සේ. CoD4 යනු ඉතා අධිවේගී තාත්වික ක්‍රීඩාවක් නිසා මිලි තප්පර 50ක වෙනසත් තරඟයක් වෙනස් කිරීමට සමත්.

ඉතින් විදේශ ක්‍රීඩකයින්ට අපට වඩා මිලි තප්පර 200+ ක වාසියක් තිබෙනවා. මේ නිසා Ping එක නිසා පැරදුනු තරඟත් තිබෙනවා. කෙසේ නමුත් මේවායින් සැලෙන්නේ නැතුව අප දිගටම විදේශ කන්ඩායම් සමඟ තරඟ පවත්වනවා.

ඔබට CoD4 මොනවාගේ ක්‍රීඩාවක්ද කියා දැන ගැනීමට ඕනෑනම් පහත විඩියෝ clip එක බලන්න. High Quality Button එක press කර බැලුවොත් ඉතා හොඳට පෙනේවි. :)

ආහ් තව දෙයක්, බහු ක්‍රීඩක පරිඝණක ක්‍රීඩාවල යෙදෙන අය තමන්ව හදුන්වන්නේ ඇත්ත නමින් නෙමෙයි. ඔවුන් වෙනස් නම් පාවිච්චි කරනවා. මේ තිබෙන්නෙ Team PeRks කන්ඩායමේ සාමාජිකයින්ගේ නම්;

1. Madhatter
2. Toxin
3. Shafrox
4. Psycho
6. Krycek
5. Pabasara
6. Pirate
7. Whendras

ඉතින් ඔබත් බහු-ක්‍රීඩක පරිඝණක ක්‍රීඩාවල යෙදීමට කැමතිද?

හැමදාම වගේ කන කට්ටක් ගැන ලියන්න හිතුනා. මේක ගැන මම කලිනුත් ලියල තියෙනව. අපේ සිංහල බ්ලොග් කරුවන්ගෙ අදහසුත් දැනගන්න එක හොඳයනේ.

පෞද්ගලික බස් සේවාව

මෙන්න මේව තමා අපේ පෞද්ගලික බස් සේවාව අපට සපයන විශේෂ සේවාවන් සහ අංගයන් (features)

  • හරි වෙලාවට කලාවට බස් පිටත්වීම සහ ගමනාන්තයට ලඟාවීම.
  • හරියටම බස් නැවතුම්පල වල පමනක් බසය නැවැත්වීම.
  • සියලුම මගීන් බසයෙන් නගින තුරු සහ බසින තුරු අඟලක් වත් හොල්ලන්නෙ නැතිව සිටීම.
  • කොන්දොස්තර මහත්වරු මගීන්ට ඉතා කාරුනිකව කතාකිරීම සහ මුදල් දුන්නාද කියා හරියටම පසක් කරගැනීමටම පමනක් දෙපාරක් විමසීම.
  • මුදල් ගෙවන පරක්කුවෙන් ටිකට් පතක් ලබා දීම.
  • වාහන තදබදය වලක්වාගැනීමට කරන උදව්වක් වශයෙන් කිසිම අනවශ්‍ය තැනක බසය නොනැවැත්වීම.
  • මගීන්ට පරක්කු වේලාවන්ට පමනක් ඉතා සුපරික්ෂාකාරීව අධිවේගයෙන් ගමන් කිරීම.
  • කොන්දොස්තර මහත්වරු ඉතුරු සල්ලි හරියට ලබාදෙන නිසා මගීන් මාරු කාසි ලඟතබා ගැනීම අනවශ්‍යය.
  • සිටගෙන යන මගීන්ට අනෙකුත් මගීන්ගෙන් පශ්චාත් භාග සම්බාහන සේවාවන් ලැබිම සහ ඉඳගෙන යන මගීන්ට කොන්දොස්තර මහතාගේ පශ්චාත් භාගයෙන් අත් සහ උරහිස් ප්‍රදේශයන්ට සම්බාහන සේවාවන් ලැබිම. (මේ සියල්ල ඔබේ ටිකත් පතේ මුදලට එකතුකට ඇත. වැඩිපුර ගෙවීමක් අවශ්‍ය නැත.)
  • ගැහැනු පාර්ශයන්ට පිරිමි මගීන්ගෙන් විශේෂ සම්බාහන සේවා ලැබීම සහ ඒවාගැන කතාකිරීමට යාමේදී අලුත් වාහනයක් මිලදීගෙන ගමන් කරන ආකාරය ගැන කොන්දොස්තර මහත්වරුන්ගෙන් උපදෙස් ලැබීම.
  • බස් සේවකයන්ගේ සංගම් මගින් ඔවුන් මගීන්ට ලබාදෙන පහසුකම් වැඩි දියුනු කිරීමට ඇපකැප වී සිටීම සහ මහජනතාව ඉතා ප්‍රීතියට පත් කරන වැඩ වර්ජන වැනි දේ ආරම්භ කිරීම.

සැලකිය යුතුයි: මේ විවේචනයන් කාටවට්ත් මඩ ගැසීමට නොව වැරදි හදාගන්නටය.

මෙහි නොමැති ඔබ දන්නා තවත් විශේෂ අංගයන් තිබේනම් සටහනක් තියන්න.

2007 ජූලි 20 වෙනිදා මම ලිව්ව පොඩි කවියක් ‘The Queqe to Hell‘ කියල, හැබැයි ඉංග්‍රීසියෙන්. ඒකට ටිකක් හොඳ ප්‍රතිචාර ටිකක් ලැබුන. ඉතින් ඒ කවිය මට සිංහලට හරවන්න හිතුන. හැබැයි ඉතින් මම කවියෙන් නම් නොවේ. බලන්න ඒකෙයි මේකෙයි වෙනස. කියන්න මට හොඳ නරක.

ආහ්.. අමතක උනා! පුලුවන්නම් හොයන්න මොන ‘පෝලිමක්’ ගැනද මේ කියන්නෙ කියල? කාටවත් තාම හොයාගන්න බැරි උනා.

 

පෝලිම
පෝලිම

 

 

පෙනෙයි.. පන්ති කාමරයේ සීලිම් සිදුරු තුලින් ගලා එන හිරු එලිය 

දිස්වෙයි.. තුන් මසකට කලින් අලුත් වැඩියා කෙරුනු ගේට්ටුවට ඔබ්බෙන් ඇති කඩතොලු වූ පාර

නොදනිමි.. මවක් අත සිටින ලදරුවා හඬන හේතුව

දැනෙයි.. මේ සෞම්‍ය උදෑසන සිහිල් සුලඟ… නමුදු අන් කවරෙකුටවත් එය නොදන්නවා වැන්න

පනිති.. මිනිසුන් පිරිසක් බිමට, නොනැවතුනු හේතුවෙන් බසය

සිනහවෙයි.. සොල්දාදුවන් කිහිපදෙනෙක්, හැඟීම් දැනෙන්නේ ඔවුනට පමනක් මෙන්

සිටිති.. මිනිසුන් පිරිසක්, පාට පාට ඇඳුමින් සැරසී… බොරු සිනහවෙන් මුහුනු සරසමින්, මකාලන්නට බැරිව, ඔවුන්ගේම දුප්පත්කම!

විසිකලා මා ඒ කොලය… කීතු කීතු වලට ඉරමින්…

ඉඩදී පෝලිමේ අනෙකුන්ට… ලකුනු කරන්නට ඔවුන්ගේම ගමන නිරයට!

Meteor

Meteor

සවස 6 පමණ ගෙදර යන්න හිතාගෙන ඔන්න මම ඔෆිස් එකෙන් එලියට බැස්සා. වෝක්ෂෝල් වීදියේ ශ්‍රීලංකා ඉන්ෂුවරන්ස් දෙසට ටික දුරක් ඇවිදින ගමන් නිකමට වගේ අහස දිහා බැලුවා. උඩ බලාගෙන ඇවිදින එක එච්චර සුභ දෙයක් නොවුනත් අහස අමුතු පාටක් නිසා බලාගෙනම ඇවිද්ද (පොඩි කාලෙ ඉඳන් මට ආසාවක් තියෙනවා අහස රසවිදින්න).

පාරේ වාහන එකක් දෙකක් ගමන් කරත් ඒ වෙලාවෙ පොඩි පාලු ගතියක් තිබුනා. මම දැක්කා ලඟින්ම තවත් කෙනෙක් ගමන් කරනවා. ඔන්න එක පාරටම මම දැක්ක දිලිසෙන් යම් දෙයක් අහසේ එක් පැත්තක සිට ඉතා අදික වේගයෙන් ගමන් කරනවා. එක පාරටම මට හිතුනෙ ජෙට් එකක් කියල. හැබැයි ජෙට් යනව මම කලින් දැක ඇති නිසා මේක ඊට සමානද අසමානද කියල මම කල්පනා කරා. ඔන්න මට පේනව ජෙට් තුනක්. මේනම් ජෙට් වෙන්න බෑ කියල හිතුනෙ එතකොට තමා. මොකද මේ දිලිසෙන වස්තූන් තුන එකිනකට ලඟින් ඉතා වේගයෙන් තමා යන්නෙ. කොච්චර වේගවත්ද කියල මට හිතාගන්නත් බෑ. මට හිතුන ඒක රේස් එකක්ද කියලත්. ඉතිත් එහෙම රේස් යන ජෙට් නෑනෙ. අනිත් එක ඒවා කහපාටට දිලිසුනු නිසා කොහෙතම ජෙට් හෝ ප්‍රහාරක ජෙට් වෙන්නත් බෑ.

ඔන්න දැන් මම නැවතිලම බලන් ඉන්නව මේක දිහා. ටික වේලාවකින් කොලඹ සුවිසල් බිල්ඩින් වලට පිං සිද්ද වෙන්න ඒ දර්ශනට නොපෙනී ගියා. ඔය ඔක්කොම වෙන්න තප්පර 30ක් විතර යන්න ඇති. හැබැයි ඒ ගිය වේගෙට මට හිතුනෙ තප්පර 5ක් වගේ. මම තවත් ටික වෙලාවක් තුෂ්ණිම්භූත වෙලා අහස දිහා බලන් හිටියා. පිටිපස්ස හැරුනමයි දැක්කෙ මට පිටුපසින් ආපු මනුස්සයත් මේක දැකපු විත්තිය.

ඔහුත් ටිකක් බයවෙලා වගේ මං දිහා බැලුව. මම ඔහුගෙන් මුලින්ම ඇහුවෙ ‘මොකද්ද ඒ?’ කියල. ඔහුට එකපාරටම දෙන්න උත්තරයක් තිබ්බෙ නෑ. යලි ගමන් අරඹන ගමන් ඔහු යාන්තමට ‘එයාෆෝස් මොකද්ද..’ කියල කියාගෙන ගියා. මට අන්තිම වචනෙ හරියට ඇහුනෙ නෑ. කෙසේවෙතත් ඔන්න මම දාහක් දේ හිතහිතා ගෙදර ආව.

ආපු හැටියෙ කරේ ඇදුම්වත් මාරු නොකර Youtube එකට යාමයි. මොකද මට ඕනෙවෙලා තිබ්බ ඒක උල්කාපාතයක්ද නැද්ද කියල හරියටම දැනගන්න. හැබැයි ඒක දැක්ක කිසිකෙනෙක් ඒ ‘උල්කා තුනක් වැටෙන දර්ශනයක්’ බව නම් කියන්නෙ නැතිබව මට හොඳටම විශ්වාසයි. ඒ වස්තූන් තුන එකිනෙක පරයමින් එකම පැත්තකට ඉතාවේගයෙන් යෑම මට ලොකු පැනයක් උනා.

මට Youtube එකෙන් උල්කා වර්ෂාවල විඩියෝ දර්ශන ටිකක් සොයා බලාගන්න හැකිඋනා. මම ඉතා ලොකු උත්සාහයක් ගත්තා මේ උල්කාෂ්මමැයි කියා ඔප්පු කරන්න. ඒත් මට ප්‍රෂ්න රැසක් පැන නැගුනා.

එකක් තමා එසේ පෙනෙන උල්කා වර්ෂා වල එවැනි දිලිසෙන වස්තූන් දහස් ගනන් පෙනෙන්නට ගැනීම. මට පෙනුනේ ඉතා පැහැදිලි වස්තූන් තුනකි. ගිනිගෙන දැවෙන ස්වභාවයක් එහි දක්නට ලැබුනේද නැත. මා දැකපු විඩියෝ වල රාත්‍රී අහසේ උල්කා වර්ශා තිබුනත්, එලිය තියෙන වෙලාවක ගත්ත විඩියෝ එකක් දැකගන්නට ලැබුනේ නෑ.

කෙසේ නමුත් මම මෙවැනි දර්ශනයක් කලින් දැක නැති නිසා සහ ඉන් පසු දැක නැති නිසාත් කිසිදාක අමතක නොවන සිදුචීමක් ලෙස මගේ මතකයේ තියේවි. මේක බ්ලොග් එකේ ලියන්න දෙයක්ද කියල සමහරුන්ට සිතේවි. ඒත් මම ආසයි ඔබත් මෙහෙම දෙයක් දැකලා තිබේනම් ඒ ගැනත් දැනගන්න. මොකද මේ ලෝකයේ වඩාත්ම ගුප්ත සහ පුදුම සහගත දේවල් දෙක තමා අහස සහ සයුර.

හැබැයි මම ඔය අහසේ යන හැම දේම පිටසක්වල යානා කිය කියා උඩපනින කෙනෙක් නෙමෙයි. ඒත් ඉතින්, කවදාහෝ හදුනාගන්නා තුරු මා එය හඳුන්වන්නේ ‘හඳුනානොගත් පියාසර වස්තුවකි’ කියාය.

Older Posts »