ඉන්ජිනේරුවෙකුගේ කථාව

පහසු කරන්නට
අනුන්ගේ..
ජීවිත

වෙහෙසෙයි
දිවා රෑ..
නොබලාම

දහඩිය..
බිඳක්වත් නැත!

නමුත්,

යන්ත්‍රයක්සේ..
වෙහෙසෙයි ඔලුව!

පරිඝනක මෘදුකාංග ඉන්ජිනේරු වෘතිය
වැනි වෙනෙකක් ..
නැත මෙලොව තව

කියන්නා කෙසේ කීවත්
හදන්ට වන්නේ..
අපටමය..!

8 Comments

  1. PH said,

    April 21, 2008 at 2:37 pm

    මේ කතාවනම් හරියටම හරි. සොෆ්ට්වෙයා ඩෙවෙලොපෙර්ස්ල කියන්නෙ අනික් අයගෙ ජිවිතේ පහසු කරන්න තමන්ගෙ ජිවිතේ අපහසු කරගන්න ජාතියක්නෙ.
    ගිය ආත්මවල ණය කාරයො තමා මේ ආත්මයේ සොෆ්ට්වෙයා ඩෙවෙලොපෙර්ස්ල වෙලා උපදින්නෙ..

  2. හර්ෂණ වීරසිංහ said,

    April 21, 2008 at 4:36 pm

    100% ක්ම ඇත්ත.

  3. sam said,

    April 21, 2008 at 6:31 pm

    කොලඹ මහා රෝහලේ හෙදියෙකුනම්, ගජබා සේනාවේ සෙබලෙකුනම්, මහනගර සබාවේ සේවකයෙකුනම්, ලකේගල රෝහලේ දොස්තරකෙනෙකුනම්, ඇත්ගොයියෙකුනම්, අදෝවැඩියාට කමක් නැත. පරිගනක ඉංජිනේරු කෙරුවාව, වෙනත් රැකීයා සමග සසඳා බලනවිට කජු කනවා වැනි වැනිය.

  4. kulendra said,

    April 21, 2008 at 7:17 pm

    Got the following on a forwarded email:

    “If civil engineers were like software engineers, civilization would have been doomed by the first woodpecker that came along”

  5. harshadewa said,

    April 22, 2008 at 3:11 pm

    කියන්ට නම් ලෙහෙසිය,
    නමුත් කොරන්ට තමා අපහසු!

  6. bo said,

    April 23, 2008 at 6:05 pm

    ඇත්ත තමයි, යාන්ත්‍රික වුනු ජීවිත අප බොහෝ දෙනෙක් ගත කරන්නේ…

  7. නිදහස් අදහස් said,

    May 8, 2008 at 7:26 pm

    අපේ ජීවිත බොහොම යාන්ත්‍රිකයි. ඒක ඇත්ත

  8. රජිත් විදානආරච්චි said,

    May 9, 2008 at 12:41 am

    ඇත්ත තමයි… මෘදුකාංග ඉංජිනේරුවා තමයි දන්නෙ තියෙන ඇත්ත අමාරුව.. පරිගණකය ඉසරහ ඉඳගෙන ඉන්න එක ගතට ලේසි වෙන්න පුළුවන්… ඒත් මෘදුකාංග ඉංජිනේරුකම කියන්නෙ වෙනත් හුඟක් රැකියා වලට වඩා ඔළුව වෙහෙසන්න ඕනෙ වැඩක්!

    අනිත් රැකියා එක්ක බැකුවම කජු කනවා වගෙයි කියල කිව්වට, මේ කජ්ජ කාලම බලන්න ඕනෙ අමාරුව තේරුම් ගන්න…. කොච්චර කෑවත් කැවෙන්නෙ නෑ..

Post a Comment