මට දුකයි
හොඳට බලන්න..
මේ පිණි බින්දු කියලා රැවටුනා නේද?
තාමත් බැහැනේද මගේ කඳුළු අඳුරගන්න..
මට දුක හිතුනේ ඇයි කියලා අහන්නේ නැද්ද?
මේ රළු පොළොවේ
අමාරුවෙන් පිපී..ලස්සනට හිනා වෙවී බලන් උන්නේ..
ඔබ ඇවිත් මාව නෙලාගන්නකල්..
උනුහුමට ඔබෙ දෝතේ තුරුල් වෙන්න ආසාවෙන් හිටියේ මම..
ඇත්ත තමයි..
“පේමතෝ ජායතී සෝකෝ..”
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
අම්මේ
අම්මේ…
ගොරවා වහින කල්හිද..
නියං කෝඩයටද..
බැනුම් ඇසුවේ
සාප ලැබුවේ අහසමයි හැමදාම
නුඹ වාගේම
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
ආදරෙයි මම
හින්නි හිතට පැතුම් ගෙනා
නුඹේ සොඳුරු ඇස් දෙක ළඟ
මගේ ඇසුත් නැවතුනා..
හදවත මගෙ ගොළු උනා..
සුන්දර මේ නිමේෂයේ..
කියාගන්න ඔන උනේ
බොළඳයි තමයි, ඒත් ඇත්තමයි
ලියන්න කොල පැන්සල් නෑ
මගෙ කටහඬ මිහිරිත් නෑ
ඒක නිසයි මම හැදුවේ
කියන්න මේ විදිහට …
ආදරෙයි මම..හැමදාම
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
ඉල්ලීමක්
බේසමේ සීරුවට අහුරගෙන ජීවිතය
උදෑසන මගට බැස ආවෙ බෝ දුරක සිට..
පිටට ඇළුනු කුස පොත්ත
ඇල් වතුරේ පොඟවගෙන
බලාගෙන හිටියේ
වයිවාරන ගෑණු පිරිමි පිට්ටනියට එන දිහා..
හයේ හතරේ පාරවල් මැද්දේ
තව බොහෝ දේ උඩ යන්නේ..
මහතුනේ..
මේ ඔල්වරසන් මැද
මා කෑ ගසා ඉල්ලන්නේ
හැමදාම බේසමේ විකිණෙන මගේ ජීවිතය විතරමයි..
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
එන්න
එන්න මේ කොඩිය යටට..
මෙතන හරි හෙවනයි
පක්ෂ,පාට,කුළ මල නැති
ජාති භේද කිසිවක් නැති
රොක් වෙන්න මේ කොඩිය යට
හරිම අභිමානයක් දැනේවි
ගත පුරා දුවන ලෙය උණුසුම් වේවි..
ඔද තෙද විදා රුපුන් මැද
ඉන්ද්රඛීළයක් සේ නැගී සිටින්නට..
එන්න මේ කොඩිය යටට එකා වන්ව
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~














පින්තූර ටිකයි වචන ටිකයි නියමයි!
කාටද බන් ආදරේ ? වැලි වලටද ?
ඔච්.. වැලි වලටත් ආදරෙයි!
[...] Mini Photojournal Episode 2 [...]
[...] Mini Photojournal Episode 2 [...]