
Meteor
සවස 6 පමණ ගෙදර යන්න හිතාගෙන ඔන්න මම ඔෆිස් එකෙන් එලියට බැස්සා. වෝක්ෂෝල් වීදියේ ශ්‍රීලංකා ඉන්ෂුවරන්ස් දෙසට ටික දුරක් ඇවිදින ගමන් නිකමට වගේ අහස දිහා බැලුවා. උඩ බලාගෙන ඇවිදින එක එච්චර සුභ දෙයක් නොවුනත් අහස අමුතු පාටක් නිසා බලාගෙනම ඇවිද්ද (පොඩි කාලෙ ඉඳන් මට ආසාවක් තියෙනවා අහස රසවිදින්න).
පාරේ වාහන එකක් දෙකක් ගමන් කරත් ඒ වෙලාවෙ පොඩි පාලු ගතියක් තිබුනා. මම දැක්කා ලඟින්ම තවත් කෙනෙක් ගමන් කරනවා. ඔන්න එක පාරටම මම දැක්ක දිලිසෙන් යම් දෙයක් අහසේ එක් පැත්තක සිට ඉතා අදික වේගයෙන් ගමන් කරනවා. එක පාරටම මට හිතුනෙ ජෙට් එකක් කියල. හැබැයි ජෙට් යනව මම කලින් දැක ඇති නිසා මේක ඊට සමානද අසමානද කියල මම කල්පනා කරා. ඔන්න මට පේනව ජෙට් තුනක්. මේනම් ජෙට් වෙන්න බෑ කියල හිතුනෙ එතකොට තමා. මොකද මේ දිලිසෙන වස්තූන් තුන එකිනකට ලඟින් ඉතා වේගයෙන් තමා යන්නෙ. කොච්චර වේගවත්ද කියල මට හිතාගන්නත් බෑ. මට හිතුන ඒක රේස් එකක්ද කියලත්. ඉතිත් එහෙම රේස් යන ජෙට් නෑනෙ. අනිත් එක ඒවා කහපාටට දිලිසුනු නිසා කොහෙතම ජෙට් හෝ ප්‍රහාරක ජෙට් වෙන්නත් බෑ.
ඔන්න දැන් මම නැවතිලම බලන් ඉන්නව මේක දිහා. ටික වේලාවකින් කොලඹ සුවිසල් බිල්ඩින් වලට පිං සිද්ද වෙන්න ඒ දර්ශනට නොපෙනී ගියා. ඔය ඔක්කොම වෙන්න තප්පර 30ක් විතර යන්න ඇති. හැබැයි ඒ ගිය වේගෙට මට හිතුනෙ තප්පර 5ක් වගේ. මම තවත් ටික වෙලාවක් තුෂ්ණිම්භූත වෙලා අහස දිහා බලන් හිටියා. පිටිපස්ස හැරුනමයි දැක්කෙ මට පිටුපසින් ආපු මනුස්සයත් මේක දැකපු විත්තිය.
ඔහුත් ටිකක් බයවෙලා වගේ මං දිහා බැලුව. මම ඔහුගෙන් මුලින්ම ඇහුවෙ ‘මොකද්ද ඒ?’ කියල. ඔහුට එකපාරටම දෙන්න උත්තරයක් තිබ්බෙ නෑ. යලි ගමන් අරඹන ගමන් ඔහු යාන්තමට ‘එයාෆෝස් මොකද්ද..’ කියල කියාගෙන ගියා. මට අන්තිම වචනෙ හරියට ඇහුනෙ නෑ. කෙසේවෙතත් ඔන්න මම දාහක් දේ හිතහිතා ගෙදර ආව.
ආපු හැටියෙ කරේ ඇදුම්වත් මාරු නොකර Youtube එකට යාමයි. මොකද මට ඕනෙවෙලා තිබ්බ ඒක උල්කාපාතයක්ද නැද්ද කියල හරියටම දැනගන්න. හැබැයි ඒක දැක්ක කිසිකෙනෙක් ඒ ‘උල්කා තුනක් වැටෙන දර්ශනයක්’ බව නම් කියන්නෙ නැතිබව මට හොඳටම විශ්වාසයි. ඒ වස්තූන් තුන එකිනෙක පරයමින් එකම පැත්තකට ඉතාවේගයෙන් යෑම මට ලොකු පැනයක් උනා.
මට Youtube එකෙන් උල්කා වර්ෂාවල විඩියෝ දර්ශන ටිකක් සොයා බලාගන්න හැකිඋනා. මම ඉතා ලොකු උත්සාහයක් ගත්තා මේ උල්කාෂ්මමැයි කියා ඔප්පු කරන්න. ඒත් මට ප්රෂ්න රැසක් පැන නැගුනා.
එකක් තමා එසේ පෙනෙන උල්කා වර්ෂා වල එවැනි දිලිසෙන වස්තූන් දහස් ගනන් පෙනෙන්නට ගැනීම. මට පෙනුනේ ඉතා පැහැදිලි වස්තූන් තුනකි. ගිනිගෙන දැවෙන ස්වභාවයක් එහි දක්නට ලැබුනේද නැත. මා දැකපු විඩියෝ වල රාත්‍රී අහසේ උල්කා වර්ශා තිබුනත්, එලිය තියෙන වෙලාවක ගත්ත විඩියෝ එකක් දැකගන්නට ලැබුනේ නෑ.
කෙසේ නමුත් මම මෙවැනි දර්ශනයක් කලින් දැක නැති නිසා සහ ඉන් පසු දැක නැති නිසාත් කිසිදාක අමතක නොවන සිදුචීමක් ලෙස මගේ මතකයේ තියේවි. මේක බ්ලොග් එකේ ලියන්න දෙයක්ද කියල සමහරුන්ට සිතේවි. ඒත් මම ආසයි ඔබත් මෙහෙම දෙයක් දැකලා තිබේනම් ඒ ගැනත් දැනගන්න. මොකද මේ ලෝකයේ වඩාත්ම ගුප්ත සහ පුදුම සහගත දේවල් දෙක තමා අහස සහ සයුර.
හැබැයි මම ඔය අහසේ යන හැම දේම පිටසක්වල යානා කිය කියා උඩපනින කෙනෙක් නෙමෙයි. ඒත් ඉතින්, කවදාහෝ හදුනාගන්නා තුරු මා එය හඳුන්වන්නේ ‘හඳුනානොගත් පියාසර වස්තුවකි’ කියාය.









ෆොක්ස් මෝල්ඩර්ට කිවුව නං හොයල දෙයි !
ඕක මූලික කරගෙන ඔයත් පටංගන්න X-Files වගේ කතා සෙට් එකක්.
WOW…..definately not a jet engine…..
අයියේ දේවතා එළිද ?
අපෝයි පෘථිවි ආක්‍රමණයක් වගේ!
පොඩ්ඩක් ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයට කියල බලමුද?
116 ට කතා කරල කියන්න
සමහරවිට පියාඹන පීරිසි වෙන්න පුලුවන්, ඔබ කියන ආකාරයට ලංකාවේ මීට ඉහතදී කීප විටක්ම පියාඹන පීරිසි දුටු අවස්ථා වාර්තා වෙලා තියෙනවා!
නදිර,
අනේ එහෙම එකක් නම් කොච්චර එකක්ද?
-බිன்ku-
විහිලු නෙමෙයි.. මටත් හිතුන එහෙම එකක්නම් කොච්චර එකක්ද කියල.
rathutharuva,
ඔව් කියන්න ඕනෙ. මගේ යාලුවෙක් වැඩකරනව ඒකෙ. දැන් තමා මතක් උනේ.
chanaka,
ඔබ ඇමතූ අංකය භාවිතයේ නැත කියයි.
chanaka,
හ්ම්ම්.. ඔව්. ඒත් ප්‍රශ්නෙ තියෙන්නෙ ඕක කවුරුත් විශ්වාස කරන්නෙ නෑනෙ. අනිත් එක පියාඹන පීරිසි දැක්ක කියන අයගෙන් 75% බොරු කාරයො. ඔය හේතුව නිසාම මේ විශය මිනිස්සුන්ට විහිලුවක් වෙලා තියෙන්නෙ.
බුධාජීව,
අපිට මොන X-Files ද. මේ සිද්දිය වෙලත් දැන් ටික දවසක්. කොහෙද ඉතින් බ්ලොග් එකේ දාන්නත් වෙලාවක් නැති එකේ කතා ලියන්නෙ.
අනෙක මම ලියල ඉචරවෙන කාලෙට අපි ඇත්තටම ජීවය තියෙන අනෙක් ග්‍රහලෝක එක්ක කතාකරන්න අරන් තියෙයි. හික්!
116 භාවිතයේ නැත්ද ?
මේ අපේ ගුවන් ආරක්ෂක පද්ධතියේ අංකෙනෙ.
ටික කාලෙකට කලින් නිතරම වගේ මාධ්‍ය වලින් කිවුවෙ හඳුනා නොගත් පියාසර වස්තු දැක්කොත් මේ අංකෙට කතා කරන්න කියලා.
නෑ නෑ. මම විහිළුවක් කරේ.. කෙසේවෙතත් ඒක ගමන් කරේ ඔය ගුවන් ආරක්ෂක පද්දතිය උඩින් තමා. ප්රෂ්නෙ තියෙන්නෙ, ඒ මොකද්ද කියල හිතාගන්නත් කලින් නොපෙනී ගිය එකයි.
This happens when you are stressed out… You better inform Nilantha so you could take few days off…
The guy who was behind you too surely must have been from JKCS..
Haha… a good one.