2007 ජූලි 20 වෙනිදා මම ලිව්ව පොඩි කවියක් ‘The Queqe to Hell‘ කියල, හැබැයි ඉංග්‍රීසියෙන්. ඒකට ටිකක් හොඳ ප්‍රතිචාර ටිකක් ලැබුන. ඉතින් ඒ කවිය මට සිංහලට හරවන්න හිතුන. හැබැයි ඉතින් මම කවියෙන් නම් නොවේ. බලන්න ඒකෙයි මේකෙයි වෙනස. කියන්න මට හොඳ නරක.
ආහ්.. අමතක උනා! පුලුවන්නම් හොයන්න මොන ‘පෝලිමක්’ ගැනද මේ කියන්නෙ කියල? කාටවත් තාම හොයාගන්න බැරි උනා.

- පෝලිම
පෙනෙයි.. පන්ති කාමරයේ සීලිම් සිදුරු තුලින් ගලා එන හිරු එලිය
දිස්වෙයි.. තුන් මසකට කලින් අලුත් වැඩියා කෙරුනු ගේට්ටුවට ඔබ්බෙන් ඇති කඩතොලු වූ පාර
නොදනිමි.. මවක් අත සිටින ලදරුවා හඬන හේතුව
දැනෙයි.. මේ සෞම්‍ය උදෑසන සිහිල් සුලඟ… නමුදු අන් කවරෙකුටවත් එය නොදන්නවා වැන්න
පනිති.. මිනිසුන් පිරිසක් බිමට, නොනැවතුනු හේතුවෙන් බසය
සිනහවෙයි.. සොල්දාදුවන් කිහිපදෙනෙක්, හැඟීම් දැනෙන්නේ ඔවුනට පමනක් මෙන්
සිටිති.. මිනිසුන් පිරිසක්, පාට පාට ඇඳුමින් සැරසී… බොරු සිනහවෙන් මුහුනු සරසමින්, මකාලන්නට බැරිව, ඔවුන්ගේම දුප්පත්කම!
විසිකලා මා ඒ කොලය… කීතු කීතු වලට ඉරමින්…
ඉඩදී පෝලිමේ අනෙකුන්ට… ලකුනු කරන්නට ඔවුන්ගේම ගමන නිරයට!









ජන්ද පොලිම නේද අයියේ
වන්ද හෙවත් චන්ද ජන්ද පෝලිම වෙන්න ඕනේ.
තවකක්, රැබෙල්ලා පෝලිම
.
මල්ලිල හරි.. මේක අපි කවුරුත් දන්න චන්ද පෝලිම තමා.
හොඳට ලියල තියෙනව. තව තව ලියන්න. සුභ පැතුම්..
ඡන්ද පෝළිම