කාලෙකට පස්සෙ ඔන්න පෝස්ට් එකක් ලියන්න හිතුන. එක පාරටම මොනවත් හිතාගන්න බැරිවුනු නිසා එච්චරම ජනප්‍රිය නැති ගීතයක් ගැන ලිව්වා. ඒත් මේ මම කැමතිම ගීතයක්.
පද රචනය: පොඩිරත්න අඟමලේ
ගී තනු නිර්මාණය: M. R. චූලසිංහ
ගායනය: W.D. ආරියසිංහ
මී ගීතයට සවන් දීමට පහත link එකට යන්න.
ඉර තනියට by W. D. Ariyasinghe
More W. D. Ariyasinghe music on iLike
ඉර තනියට ඉරවට යන [...]
Read Full Post »
Posted in Life, Sri Lanka, Thoughts, කවි, සිංහල, tagged කවිය, නිර්මාණ, ශ්රී ලංකාව, සිංහල, Sri Lanka, Unicode on April 3, 2009 | 5 Comments »
2007 ජූලි 20 වෙනිදා මම ලිව්ව පොඩි කවියක් ‘The Queqe to Hell‘ කියල, හැබැයි ඉංග්‍රීසියෙන්. ඒකට ටිකක් හොඳ ප්‍රතිචාර ටිකක් ලැබුන. ඉතින් ඒ කවිය මට සිංහලට හරවන්න හිතුන. හැබැයි ඉතින් මම කවියෙන් නම් නොවේ. බලන්න ඒකෙයි මේකෙයි වෙනස. කියන්න මට හොඳ නරක.
ආහ්.. අමතක උනා! පුලුවන්නම් හොයන්න මොන ‘පෝලිමක්’ ගැනද මේ කියන්නෙ කියල? කාටවත් තාම හොයාගන්න [...]
Read Full Post »
Posted in Life, Photography, Sinhala, Sri Lanka, Thoughts, කවි, සිංහල, tagged කවිය, ශ්රී ලංකාව, Photojournal, Sri Lanka on March 1, 2009 | 1 Comment »
නිදහස්ව යනතුරා
මගේ හද ගීතයට
තනුව වූ නුඹම යළි
මගේ නෙතු කඳුළුවල උණුසුමත් වෙලා..
කවියක් වගේම හැඩට
ලියාගෙන ආ ජීවිතය,
ආයෙමත් අතරමග නැවතිලා තනිවෙලා..
කදෝපැණියෙකු ලෙසින්
ජීවිතය බදාගෙන
වේදනා වින්ද සිත,
මරණයට ගී ගයන රැහැයි හඬ මැද තනිව
මග බලා ඉන්නවා..
නිදහස්ව යනතුරා මේ කයින් ඉක්මනට
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
මට ඇත්නම්
එකම එක වාරයක්
නිල් තුරු සළුව යටින් නිදහසේ පියනගන්නට ඇත්නම්..
තරු වියනක් යට සඳ සේළයට ගුළි වී
සැතපෙන්න ඇත්නම්…
පියාපත් යුග විදා එකම එක වාරයක් [...]
Read Full Post »
Posted in Life, Photography, Sri Lanka, Thoughts, කවි, සිංහල, tagged ශ්රී ලංකාව, Photojournal, Sinhala, Sri Lanka on February 25, 2009 | 5 Comments »
මට දුකයි
හොඳට බලන්න..
මේ පිණි බින්දු කියලා රැවටුනා නේද?
තාමත් බැහැනේද මගේ කඳුළු අඳුරගන්න..
මට දුක හිතුනේ ඇයි කියලා අහන්නේ නැද්ද?
මේ රළු පොළොවේ
අමාරුවෙන් පිපී..ලස්සනට හිනා වෙවී බලන් උන්නේ..
ඔබ ඇවිත් මාව නෙලාගන්නකල්..
උනුහුමට ඔබෙ දෝතේ තුරුල් වෙන්න ආසාවෙන් හිටියේ මම..
ඇත්ත තමයි..
“පේමතෝ ජායතී සෝකෝ..”
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
අම්මේ
අම්මේ…
ගොරවා වහින කල්හිද..
නියං කෝඩයටද..
බැනුම් ඇසුවේ
සාප ලැබුවේ අහසමයි හැමදාම
නුඹ වාගේම
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
ආදරෙයි මම
හින්නි හිතට පැතුම් ගෙනා
නුඹේ සොඳුරු ඇස් දෙක ළඟ
මගේ ඇසුත් [...]
Read Full Post »
Posted in Career, Life, Music, Sri Lanka, Thoughts, tagged ගීතය, නිර්මාණ, රචකයා, සංගීත සංයෝජනය, සිංහල, lyrics, melody, Music, Sri Lanka on April 25, 2008 | 1 Comment »
මා මේ දිනවල නව ගීයක් සෑදීමට මියුරු ගී පද කිහිපයක් එකතු කරමින් සිටිමි. බොහෝ විට (වඩාත් ප්රිය කරන මාතෘකාවක් වන) “ආදරය” තේමාව ලෙස ගැනීමට ඉඩ ඇති මුත්, ගීත රචකයාට එය බාරදීම හොඳයි කියා සිතමි. විරහ ගීත නම් එතරම් ප්රිය නැත.
මෙලෙස එවූ ගීතයක් මා තොරා ගතහොත් එම ගීත රචකයාට එය දනුම් දීමෙන් [...]
Read Full Post »
පහසු කරන්නට
අනුන්ගේ..
ජීවිත
වෙහෙසෙයි
දිවා රෑ..
නොබලාම
දහඩිය..
බිඳක්වත් නැත!
නමුත්,
යන්ත්‍රයක්සේ..
වෙහෙසෙයි ඔලුව!
පරිඝනක මෘදුකාංග ඉන්ජිනේරු වෘතිය
වැනි වෙනෙකක් ..
නැත මෙලොව තව
කියන්නා කෙසේ කීවත්
හදන්ට වන්නේ..
අපටමය..!
Read Full Post »