හැමදාම වගේ කන කට්ටක් ගැන ලියන්න හිතුනා. මේක ගැන මම කලිනුත් ලියල තියෙනව. අපේ සිංහල බ්ලොග් කරුවන්ගෙ අදහසුත් දැනගන්න එක හොඳයනේ.

පෞද්ගලික බස් සේවාව
මෙන්න මේව තමා අපේ පෞද්ගලික බස් සේවාව අපට සපයන විශේෂ සේවාවන් සහ අංගයන් (features)
- හරි වෙලාවට කලාවට බස් පිටත්වීම සහ ගමනාන්තයට ලඟාවීම.
- හරියටම බස් නැවතුම්පල වල පමනක් බසය නැවැත්වීම.
- සියලුම මගීන් බසයෙන් නගින තුරු සහ බසින තුරු අඟලක් වත් හොල්ලන්නෙ නැතිව සිටීම.
- කොන්දොස්තර මහත්වරු මගීන්ට ඉතා කාරුනිකව කතාකිරීම සහ මුදල් දුන්නාද කියා හරියටම පසක් කරගැනීමටම පමනක් දෙපාරක් විමසීම.
- මුදල් ගෙවන පරක්කුවෙන් ටිකට් පතක් ලබා දීම.
- වාහන තදබදය වලක්වාගැනීමට කරන උදව්වක් වශයෙන් කිසිම අනවශ්‍ය තැනක බසය නොනැවැත්වීම.
- මගීන්ට පරක්කු වේලාවන්ට පමනක් ඉතා සුපරික්ෂාකාරීව අධිවේගයෙන් ගමන් කිරීම.
- කොන්දොස්තර මහත්වරු ඉතුරු සල්ලි හරියට ලබාදෙන නිසා මගීන් මාරු කාසි ලඟතබා ගැනීම අනවශ්‍යය.
- සිටගෙන යන මගීන්ට අනෙකුත් මගීන්ගෙන් පශ්චාත් භාග සම්බාහන සේවාවන් ලැබිම සහ ඉඳගෙන යන මගීන්ට කොන්දොස්තර මහතාගේ පශ්චාත් භාගයෙන් අත් සහ උරහිස් ප්‍රදේශයන්ට සම්බාහන සේවාවන් ලැබිම. (මේ සියල්ල ඔබේ ටිකත් පතේ මුදලට එකතුකට ඇත. වැඩිපුර ගෙවීමක් අවශ්‍ය නැත.)
- ගැහැනු පාර්ශයන්ට පිරිමි මගීන්ගෙන් විශේෂ සම්බාහන සේවා ලැබීම සහ ඒවාගැන කතාකිරීමට යාමේදී අලුත් වාහනයක් මිලදීගෙන ගමන් කරන ආකාරය ගැන කොන්දොස්තර මහත්වරුන්ගෙන් උපදෙස් ලැබීම.
- බස් සේවකයන්ගේ සංගම් මගින් ඔවුන් මගීන්ට ලබාදෙන පහසුකම් වැඩි දියුනු කිරීමට ඇපකැප වී සිටීම සහ මහජනතාව ඉතා ප්‍රීතියට පත් කරන වැඩ වර්ජන වැනි දේ ආරම්භ කිරීම.
සැලකිය යුතුයි: මේ විවේචනයන් කාටවට්ත් මඩ ගැසීමට නොව වැරදි හදාගන්නටය.
මෙහි නොමැති ඔබ දන්නා තවත් විශේෂ අංගයන් තිබේනම් සටහනක් තියන්න.
ඉතාමත් ම සැලකිල්ලෙන් බස් රටය දාවනය කිරීමත් අදාල වෙනව නේද?
ඈ……… අද අප්‍රේල් පලවෙනිදා නෙමෙයිනේ…
කැලැන්ඩරේ බලපන්.
බස් මගියන්ට ගරු නම්බු දී කථා කිරීම.
මගීන් සියළු දෙනාම තමාගේ නෑයින් සේ සළකා, කට පුරා නෑ කම් කියා ඇමතීම.
මගීන් සියළු දෙනා තමාට වඩා වැඩිම්හල්ලන් සේ සළකා ඇමතීම.
බසයට නගින විට ආයුබෝවන් කීම, බසයෙන් බැස යනකොට, ටටා කියා අත වැනීම.
මෙයා බස් එකක් දාන්න යන්නේ මට පෙන විදියට……
හර්ෂණ,
අපොයි ඔව්. සැලකිල්ල වැඩි නිසාමනෙ ඔය traffic වැඩි වෙලා තියෙන්නෙ.
dasun sameera,
😐
rathutharuva,
සහතික ඇත්ත.
කාලිංග,
හික් හික්!
ඩනිෂ්ක,
ඔව් බං, මම අම්බලංගොඩ කොලඹ බස් එකක් දාන්න යන්නෙ. හොඳයිනේ? 🙂
* සුඛෝපභෝගී බස් වල යන මගීන්ට හොඳ සැපට හිරවී යාමට අවස්ථාව ලබා දීම
මම් මේක කියෙව්වෙ කොහෙද කියල නම් මතක නෑ……….
” ජීවිතයේ සොදුරු බව වටහා ගන්න සුඛෝපභෝගී බසයක අනතිම ආසන පේලියෙද, එහි අනිත්‍ය බව වටහා ගැනීමට බසයේ ඉදිරි ආසනයේ ගම්නක් යන්න “
මාත් දැකල තියෙනවා! පත්තරේකද කොහෙද තිබ්බේ……. අප්සට් කතා හරි මොකක් හරි එකක.
ඇයි අප්පේ…
“පෙම් මුල්ල තිර රෙදි දමා ආවරණය කිරීම”
ඇයි බස් එකෙන් බහින තුරු අහන්න මධුර මනෝහර කර්ණ රසායන ගීත කැසට් යන්ත්‍රයෙන් වාදනය කිරීම.
ගමන අතරතුර සිසිල් සුලං රැල්ලක පහස ලබාගැනීම සඳහා පාපුවරු ගමනට විශේෂ පහසුකම් සැලසීම.
මගී ජනතාවට සර්කස් පුහුණු කරවනු පිනිස මදක් මන්දයෙන් ගමන්කොට බසයෙන් බැසීමට සලස්වා, බසින්නටත් පෙර ත්වරණය කිරීම.
මගී ජනතාවගේ කම්මැලීත්වය සංසිදවනු පිනිස නොමිලේම බස්රථ ධාවන තරගයක කොටස් කරුවන් වීමට මහඟු අවකාශ විවර කර දීම.
*ඕනෑම තරාතිරමක පුද්ගලයෙකුට නටාමි රැකියාවද සුළුපටු එකක් නොවන බවට පසක් කරමින් මගී කර මතද පුද්ගලයින් පැටවීම.
*ඉතුරු සල්ලි පොඩි පොඩි කාසි ,මගියා නැති කරගනීවි යන හැගිම නිසා ඉතිරි සල්ලි නොදීම.
*බසයට නඟින තරුණ කාන්තාවන්ගේ බසයෙන් වැටීම වැලැක්වීමට පිටට අතතියා බසයට නංවාගැනීම. වයසක ආච්චිලා සීයලාට වැඩි වැඩියෙන් ව්‍යායාම අවශ්‍ය නිසා උදව් නොකර සිටීම.
*ටිකට් අවසන් වූ විට ටික්කෝ පැන්නොත් දඩය ගෙවාගන්නා ලෙස බැගෑපත් ලෙස ඉල්ලා සිටීම.
*නිකම්ම නිකම් හිටගෙන කිසි ව්‍යායාමයක් නැතිව කම්මැලිකමෙන් සිටින මඟීන් ඉස්සරහ දොරටුවේ සිට පස්සේ දොරටුවටත් පස්සේ දොරටුවේ සිට ඉස්සරහා දොරටුවටත් තල්ලු කර යැවීම.
*ඉදහිට ගසන බ්රේක් පාරකින් මඟින් හට කිසිදා අමතක කල නොහැකි රෝලර් කෝස්ටර් ආකාරයේ අත්දැකීමක් ලබාදීම.
*පර්ස් එක බර වැඩි නම් එය බාරගැනීමට පුද්ගලයින් ඉදිරිපත් වීම.
*සාමාන්‍ය බසයකට අර්ධ සුඛෝපභෝගී බෝඩ් ලෑල්ලක් දමාගෙන ඉදිරියේදී බස්ගාස්තු වැඩිවීම් සඳහාද මඟී ජනතාව හුරුපුරුදු කරවීම.
*බසයට නඟින විට ප්‍රිය වචනයෙන්ද බසින විට පරුෂ වචනයෙන් සංග්‍රහ කර අටලෝ දහමින් කම්පානොවෙන ආකාරය පහදා දීම.
chanaka, හර්ෂණ, dasun sameera, සුපුන් සුදාරක, රවින්ද, බුධාජීව සහ උන්මත්තක,
බොහෝම ඉස්තූතියි…
මේටික මෙනෙහි කරලා අපට සෝවාන් වෙන්නත් පුලුවනි…! 🙂
තවත් බොහෝ දේ ඇත..
* වැසි දිනවල තමන්ගේ මගීන්ට පමණක් සැලකීම නොකොට, මාර්ගයේ ගමන්ගන්නා පදිකයන්ගේ දාහය නිවාලීම පිණිස පැන් පොදකින් සංග්‍රහ කිරීම.
* පිරිසිදුව සිටීමේ ගුණ ගැන මෙනෙහි කරමින් බසය තුල ගමන් කරනා මගීන්ට ද නොමිලේ ජලස්නානය කිරීමට පහසු කම් සැලසීම.
* වැසි දිනවල පවා පාපුවරුවේ ගමනට ඉඩ දෙමින් ඉහත සඳහන් කරනා ලද ස්නානයට වඩා වැඩි පහසුකම් සපිරි ස්නානයකට අවකාශ සැලසීම. (සැ.යු : මේ සඳහා අවස්ථාව විවර වන්නේ ස්වල්ප දෙනෙකුට පමණි)
@සුපුන් සුදාරක,
පෙම් මුල්ලම විතරයි දැං උඹට මතක් වෙන්නෙ…. 😀
@ශාකු- හික්, එහෙම තමයි බං. ඒ වුනාම තාම එතැන යන්න පින් කරලා මදි 😉
මම නිවාඩුවට ගෙදර ගියා….. එතකොට ලැබුන අත්දැකීම් නිසා තව කරුණක් දෙකක් එකතු කරන්න හිතුනා…..
දිග නිවාඩු දවස් වලට දුර ගමන් බස් වල අපිට මගින් බහින්න ඔන උනත් ගමනාන්තයට ම ටිකට් ගන්න සිදු වීම.
මගදි සීට් එකක් දෙනව කියල බස් එකේ සීට් ගානටත් වැඩියෙන් හිටගෙන යන්න මගීන් එකතු කර ගැනීම.
ගමන අතර මගදි ඉතාමත්ම පිරිසිදුම හොටල් වල නැවත්වීම.
අනෙ අප්පේ.. බලාගෙන ගියාම අපේ බස් සේවාව ලෝකයෙ අනිත් පැත්තෙන් පළවෙනි තැන දෙන්න වටිනවනෙ… මේ නැද්ද කාගෙවත් ළඟ ගැමුණු විජේරත්න මහත්තයගෙ ඊ මේල් ලිපිනය. මේ දාලා තියෙන කමෙන්ට්ස් අනිවාර්යයෙන්ම ඔහු බැලිය යුතුමයි…. 😀