Feeds:
Posts
Comments

Posts Tagged ‘Photojournal’

නිදහස්ව යනතුරා

නිදහස්ව යනතුරා

මගේ හද ගීතයට
තනුව වූ නුඹම යළි
මගේ නෙතු කඳුළුවල උණුසුමත් වෙලා..
කවියක් වගේම හැඩට
ලියාගෙන ආ ජීවිතය,
ආයෙමත් අතරමග නැවතිලා තනිවෙලා..
කදෝපැණියෙකු ලෙසින්
ජීවිතය බදාගෙන
වේදනා වින්ද සිත,
මරණයට ගී ගයන රැහැයි හඬ මැද තනිව
මග බලා ඉන්නවා..
නිදහස්ව යනතුරා මේ කයින් ඉක්මනට

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

මට ඇත්නම්

එකම එක වාරයක්

එකම එක වාරයක්
නිල් තුරු සළුව යටින් නිදහසේ පියනගන්නට ඇත්නම්..
තරු වියනක් යට සඳ සේළයට ගුළි වී
සැතපෙන්න ඇත්නම්…
පියාපත් යුග විදා එකම එක වාරයක් විසල් නුඹ ගැබ පුරා
පියාඹා යන්න ඇත්නම්..
මහවාළුකාවේ දිය පොදක් වී
මේ මහපොළොව සිඹ්න්නට ඇත්නම්..
මහා ගිරිකුළු මුදුනකට නැග
මේ ළොවට කොයි තරම් ආදරේදැයි කෑ ගසා කියන්නට මට ඇත්නම්….

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

මේ අහපන් යාළුවා

මේ අහපන් යාළුවා

මේ අහපන් යාළුවා..
උඹ දන්නවා හොඳටම උඹ කවුද කියලා..
උඹට පයින් ගහලා බිමදාපු උන්ගෙ කකුලුත් හපාගෙන
නැගිටපන් ආයිමත්;
සටන් කරපන්..
ජීවිතය යුද්දයක්..
අනිත් හැමෝම දිනද්දි
උඹට විතරක් පරදින්ඩ බැහැ..
කඩාවැටෙන්න එපා..
කෙළින් තියාගනින් ඔළුව
බලාපන් ලෝකය දිහා..
අපි මේ දුවන රේස් එකේ..
උඹේ දුක අහලා කඳුළු බෙදා ගන්න
කවුරුවත් නවතින්නේ නැහැ..

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

වස්සානය නැත තවම ඇවිදින්

වස්සානය

වස්සානය නැත තවම ඇවිදින්,
පොළෝ තළයම වියළි කතරකි
මගේ පුංචි පළඟැට්ටෝ..
එන්න එපා තවම පිටට, සැඟවී නුඹ සිටින තැනින්..

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

පින්තූර: හර්ෂදේව
සංකල්පනා: ෴රතු තරුව෴

Mini Photojournal Episode 1

Mini Photojournal Episode 2

Read Full Post »

මට දුකයි

මට දුකයි

හොඳට බලන්න..
මේ පිණි බින්දු කියලා රැවටුනා නේද?
තාමත් බැහැනේද මගේ කඳුළු අඳුරගන්න..
මට දුක හිතුනේ ඇයි කියලා අහන්නේ නැද්ද?
මේ රළු පොළොවේ
අමාරුවෙන් පිපී..ලස්සනට හිනා වෙවී බලන් උන්නේ..
ඔබ ඇවිත් මාව නෙලාගන්නකල්..
උනුහුමට ඔබෙ දෝතේ තුරුල් වෙන්න ආසාවෙන් හිටියේ මම..
ඇත්ත තමයි..
“පේමතෝ ජායතී සෝකෝ..”

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

අම්මේ

හිරු

අම්මේ…
ගොරවා වහින කල්හිද..
නියං කෝඩයටද..
බැනුම් ඇසුවේ
සාප ලැබුවේ අහසමයි හැමදාම
නුඹ වාගේම

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

ආදරෙයි මම

ආදරය

හින්නි හිතට පැතුම් ගෙනා
නුඹේ සොඳුරු ඇස් දෙක ළඟ
මගේ ඇසුත් නැවතුනා..
හදවත මගෙ ගොළු උනා..
සුන්දර මේ නිමේෂයේ..
කියාගන්න ඔන උනේ
බොළඳයි තමයි, ඒත් ඇත්තමයි
ලියන්න කොල පැන්සල් නෑ
මගෙ කටහඬ මිහිරිත් නෑ
ඒක නිසයි මම හැදුවේ
කියන්න මේ විදිහට …
ආදරෙයි මම..හැමදාම

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

ඉල්ලීමක්

ඉල්ලීමක්

බේසමේ සීරුවට අහුරගෙන ජීවිතය
උදෑසන මගට බැස ආවෙ බෝ දුරක සිට..
පිටට ඇළුනු කුස පොත්ත
ඇල් වතුරේ පොඟවගෙන
බලාගෙන හිටියේ
වයිවාරන ගෑණු පිරිමි පිට්ටනියට එන දිහා..
හයේ හතරේ පාරවල් මැද්දේ
තව බොහෝ දේ උඩ යන්නේ..
මහතුනේ..
මේ ඔල්වරසන් මැද
මා කෑ ගසා ඉල්ලන්නේ
හැමදාම බේසමේ විකිණෙන මගේ ජීවිතය විතරමයි..

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

එන්න

කොඩිය

එන්න මේ කොඩිය යටට..
මෙතන හරි හෙවනයි
පක්‍ෂ,පාට,කුළ මල නැති‍
ජාති භේද කිසිවක් නැති
රොක් වෙන්න මේ කොඩිය යට
හරිම අභිමානයක් දැනේවි‍‍
ගත පුරා දුවන ලෙය උණුසුම් වේවි..
ඔද තෙද විදා රුපුන් මැද
ඉන්ද්‍රඛීළයක් සේ නැගී සිටින්නට..
එන්න මේ කොඩිය යටට එකා වන්ව

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

පින්තූර: හර්ෂදේව
සංකල්පනා: ෴රතු තරුව෴

Mini Photojournal Episode 1

Read Full Post »