සිංහලද? සිංහල යුනිකේතද?
සමහරුන්ට මේක ටිකක් අවුල් සහගත වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා හැමෝටම තේරෙන භාෂාවෙන් මේ ගැන ලිව්වොත් හොඳයි කියල හිතුනා. ඒවාගේම සිංහල බ්ලොග්කරුවන්ගේ සමූහයේ සාකච්චා වුනු සමහර කාරනා (කලාව සහ සිංහල යුනිකේත) මෙයට අදාලයි. මේ දිනවල කාර්ය බහුල නිසා ලිපියේ අඩු පාඩු එහෙම තියෙන්න පුලුවන්.
සිංහල භාෂාව Standard එකක් විදියට Internet එකේ භාවිතා කරන්න ශ්‍රී ලංකාවේ ඊට අදාල ඉහල ආයතන වලින් සම්පාදනය කරපු ක්‍රමවේදයක් තමා සිංහල යුනිකේත කියන්නේ. (මෙම නිර්වචනය හුදෙක්ම පොදු ජනතාවට තේරුම් යන ආකරෙන් සකස් වූවක් මිස 100% තාක්ෂණික නිර්වචනය නොවේ.)
උදාහරණයක්: විවිධ Websites තමන්ට කැමති සිංහල FONT භාවිතා කරමින් සිංහල ලිපි (හෝ වෙනත් දේ) අන්තර්ජාලගත කිරීමෙන් (මෙය එක්තරා අන්දමක වල් බූරු නිදහක්), සිංහල භාශාව කිසි standard එකක් (ආතක් පාතක්) නැති භාෂාවක් බවට පත් වෙනවා. ඒවාගේම Search Engines මාර්ගයෙන් වලට මෙවැනි Content සොයාගත නොහැකි වනවා.
මෙයට විසදුම වන්නේ (කැමැත්තෙන් හෝ අකමැත්තෙන්) සියල්ලෝම එකම Standard එකක් පාවිච්චි කිරීමයි. ඉතින් සිංහල යුනිකෝඩ් පාවිච්චි කිරීමෙන් අප යම්කිසි තේරුමක් ඇති දෙයක් කරනවා.
කලාවද? සිංහලද? සිංහල යුනිකේතද?
ඇයි අන්තර්ජාලයේ සිංහල කලා නිර්මාණ වලට තහංවි දාන්නේ? පින්තූර (Photo/ JPG) මත සිංහලෙන් කවි ලියල සිංහල බ්ලොග් ලිවීමෙන් වන වරද කුමක්ද? මේ සමහර අය නගන ප්‍රශ්න.
කලාවට ඉමක් කොනක් නැති උනත්, තහන්චි පැනවිය නොහැකි උනත්, “කලාව හා තාක්ෂණය” මුසුවනවිට අපට යම්කිසි හික්මීමක්, ආදර්ශයක් සහ තත්වයන් (Standard) වලට යටත්ව වැඩ කිරීමට සිදුවෙනවා.
“සිංහල” භාෂාවක් වශයෙන් දියුනු වූවත්, එය තවම අන්තර්ජාලයේ 100% ප්‍රචලිත වී නැත. ඒ නිසා, ඔබ අන්තර්ජාලයට කුමක් හෝ සිංහලෙන් ඇතුල් කරනවානම්, එය “සිංහල යුනිකෝඩ්” වලින් වීම අන්තර්ජාලයේ සිංහල භාෂාවට ඉහල තත්වයක් රුකුලක් වෙයි.
ඒ බව ටිකක් සාවදානව තේරුම් අරන්, ඔබේ කලාබර අදහස් සහ නිර්මාණ යුනිකෝඩ් භාවිතාකරමින් අන්තර්ජාලයට මුසු කිරීමෙන්, ඔබට විතරක් නොව, මතු පරම්පරාවටද යහපතක් වනු ඇත.
වැඩිදුර විස්තර:
http://www.unicode.org/standard/WhatIsUnicode.html
http://locallanguages.lk/node/95
කවදා තේරුම් ගනී ද?
Quote
සිංහල භාෂාවක් වශයෙන් දියුනු උනත්, අන්තර්ජාලයේ සිංහල භාෂාව තවම තාක්ෂණික මට්ටමෙන් දියුනු වී නැත.
Unquote
The reason is we have not registered the Sinhala characters in the SLSI 1134 or in the unicode data base
Unicode data base for all indic languages are incomplete and incorrect.
Open your eyes and correct the SLSI1134
Donald Gaminitillake
Let us change the standard
සිංහල භාෂාවක් වශයෙන් දියුනු උනත්, අන්තර්ජාලයේ සිංහල භාෂාව තවම තාක්ෂණික මට්ටමෙන් දියුනු වී නැත.
The above phrase in the post gave a wrong impression and it has been corrected by the author as:
“සිංහල” භාෂාවක් වශයෙන් දියුනු වූවත්, එය තවම අන්තර්ජාලයේ 100% ප්‍රචලිත වී නැත. ඒ නිසා, ඔබ අන්තර්ජාලයට කුමක් හෝ සිංහලෙන් ඇතුල් කරනවානම්, එය “සිංහල යුනිකෝඩ්” වලින් වීම අන්තර්ජාලයේ සිංහල භාෂාවට ඉහල තත්වයක් රුකුලක් වෙයි.
So that the contents of this post cannot be viewed/ shown in different way to mislead the viewers or to gain personal advantages.
සමහරු ඔය වෙබ් අඩවි වල හිතෙන හිතෙන ෆොන්ට් පාවිච්චි කරන එක මහ වදයක්. සමහර රජයේ වෙබ් අඩවි වල පවා මම ඔය ගොං වැඩේ දැකල තියනවා. ඔය දේ කරන්න සමහරු මැලි වෙන්නෙ ඇයි?
යුනිකෝඩ් නෙමේ මොන ක්‍රමය පාවිච්චි කලත් නිසඳැසක් වගේ දෙයක් එකපාර අකුරු වලින් ලියන්න පුලුවං බව ඇත්ත. ඒත් සමහරු නිසඳැසත් එක්ක පිංතූරයක් දානවනම්. (පිංතූරෙ උඩ අකුරු එන විදියට) ඔය කියන සාමාන්‍ය ක්‍රමය පාවිච්චි කරන්න අමාරුයි.. යුනිකෝඩ් වල ෆොන්ට් මාරු කරන්න බැහැ.. කරන්න පුලුවං එකම දේ පාට සහ ප්‍රමාණය වෙනස් කරන එක. ඉතිං ඒ වගේ වෙලාවට පොටෝෂොප් වලින් අකරු දාන එක මං වැරැද්දක් කියන්නෙ නෑ. එහෙනං ඒ මෘදුකාංග වලින් වැඩක් නෑනෙ. ගොඩක් මෘදුකාංග වල තවමත් යුනිකෝඩ් සහයෝගීතාවයක් නෑ. මෙකත් එක් ප්‍රශ්ණයක්.
ඔය කියන නිකමට වගේ බ්ලොග්කරුගේ නිසඳැස් කෙසේ වෙතත් ඔහු කරපු දේ වැරැද්දක් මම නං දකින්නෙ නෑ. තමන්ගේ කලා නිර්මාණය ඔහුට ඕන විදියට කරපු දෙං.. ඒක කරන්න ඕනි විදිය කවුරුවත් කියල දෙන්න ඕනි නෑ.
ඔහුගේ බ්ලොගය සින්ඩියෙං ඉවත් කරපු බව අහන්න ලැබුනා.. යුනිකේත ප්‍රචලිත කිරීම මූලික කරගත් සින්ඩියෙන් ඔහුගේ බ්ලොගය ඉවත් කිරීම ගැන මගේ අකමැත්තක් නෑ. ඒත් මට ආපු ප්රශ්ණ්ය වුනේ ඔය නිකමට වගේ බ්ලොග් එක සින්ඩියෙ පේන්න පටන් අරං දැං අවුරුද්දක් විතර වෙනව. ඕකෙ වැඩියෙම තියෙන්න පිංතූර පෝස්ට් ඉතිං ඕක අයිං කරන්න මෙච්චර කල් ගියාද?
තවත් දෙයක් අපේ සි.බ්.සංසදයට බැරිද තවත් නීතියක් දාන්න.. හැමෝගෙම බ්ලොග් වල කිසිම අකුරක් යුනිකේත නැතුව පෙන්නන්න බෑ කියල.?? පිංතූර වල සිංහල අකුරු අඩුම ගානෙ හෙඩිමවත් සිංහල අකුරු ග්‍රැපික් දාන්න බෑ කියල.. ඒකත් යුනිකෝඩ් ප්‍රචලිත කරන්න (එපා කරවන්න) උදව් වෙයි.
සාතන්,
ඔය සින්ඩිය කරන්න මොකක් හරි කොම්පැනියක් හෝ පක්ෂයක් හෝ ආන්ඩුවක් ශ්‍රමය හෝ, ආධාර හෝ, උදව් කරන්නෙ නෑ. ඒ නිසා එහි ස්වේච්චාවෙන් වැඩ කරන අය ඔවුනට පුලුවන් උපරිමයෙන් තමා මේක කරන් යන්නේ.
ඒ නිසා කුමන හෝ බ්ලොග් එකක් ඇයි මෙච්චරකල් අයින් නොකර දැන්ම කරන්නේ කියල අහන එක ටිකක් සදාචාර සම්පන්න නෑ.
ඔබ ඉහත බලොග් ලිපිය සාවදානව කියවා එහි හරය තේරුම් ගන්නට උත්සාහයක් දුන්නානම්, ඔබේ දෙවැනි ප්‍රෂ්ණය අහන්න වෙන්නේ නෑ.
හැමෝම හැද දේම නිකං කරන්නෙ නෑනෙ.. මොකක් හරි දෙයක් බලාපොරොත්තු ඇතිනෙ. මම ඇඩිමින්ලගෙ වැරැද්දක් කිවුවෙ නෑනෙ. මම ඇහුවෙ ඔච්චර ප්‍රසිද්ද බ්ලොග් එකක් දැක්කෙ දැන්ද කියල. ඔය ඇඩ්මින් කට්ටියත් කලින් නිකමට වගේ බ්ලොග් එකේ කමෙන් දාල ඇතිනෙ. මං හිතන්නෙ එයාල ඒක යුනිකෝඩ් ද නැද්ද කියල දැනගත්තෙ පස්සෙ වෙන්නැත්.. ඔන්න බලන්නකො.
මගේ දෙවනි ප්‍රස්නෙ ඇහුවෙ විහිලුවට නෙමේ සිරාවට. සිංහල යුනිකෝඩ් බ්ලොග්කරුවන්ගේ සංසදය තුල යුනිකේත විතරක් තියගත්තනං හරිනෙ.. ඉංග්‍රීසිත් ඕනිනං යුනිකෝඩ් කරමු.. කවුරුහරි බ්ලොග් කාරයෙක් යුනිකේත නැතුව එක අකුරක් හරි ලිව්වොත් වෙඩි තියමු.
Isn’t English already unicode? 🙂
I’m also confusing machan.
1. if i have installed “SinhalaTamilKit_XP_SP3.exe” setup it is really enough to see the sinhala in web?
2. How i can test those words have wrriten in unocode?
3. if i have written something in web in sinhala, how i will convert into unicode?
අපේ බාසාව රුක ගනිමු. අපේ බාසාව ආතක් පාතක් නැති එකක් නොවේ. අනාගත පරපුර වෙනුවෙන් අපි යුනිකෝඩ් වලිං ලියමු. යුනිකේඩ් අපේ ඉස්ටෑන්ඩඩ් එකයි. අපි චාකච්චා කරලා ඒක පලෝ කරමු. මං පොෂ්.මං ගැරැමර් ඉස්ටෑන්ඩඩ් දන්නෑ ඕයි.
Quote
යුනිකේඩ් අපේ ඉස්ටෑන්ඩඩ් එකයි.
Unquote
Andy Daniels proposal is the sinhala unicode
and the SLSI 1134
Why not keep a photograph of Andy and pray three times a day and ruin our language and the nation
Donald Gaminitillake
let us change the standard
It is foolish to try or even think of changing an established and well known standard like Sinhala Unicode.
Also, it is a proven fact that there are no issues or problems in Sinhala Unicode.
Comment spams will not tolerated anymore given the history of baseless (repetitive) comments of you.
Quote
it is a proven fact that there are no issues or problems in Sinhala Unicode
Unquote
1. Sinhala TEXT is not compatible across all latformes of operating systems
2. Sinhala Text is not accessible across all applications
3. ALL Sinhala TEXT is not represented in unicode database. What is the value for “KU”?
4. Using SINHALA one cannot make programes
5. Same string represent two different characters which is a security threat.
The Elite in Sri Lanka deprive the Sinhala Language from the masses and trying to distroy our culture and Language
Prabakaran may be having a good laugh from a different planet What he could not achieve is achived by the so called SINHALA ELITE. “”UGATH MODAYAN”
Donald Gaminitillake
Let us change the standard
All Sri Lankan Bloggers invited to join the
one and only Multi lingual
DIRECTORY OF SRI LANKAN BLOGGERS
Orchids
http://www.orchidslk.co.nr/
සිංහලෙන් ලියන්න Free Download Sinhala Fonts & Sinhala Fonts Related Software
http://www.videshasewa.com/home/free_sinhala_fonts.html
හිතේ තියන දේ ලියන්ඩ: විහිලු,මඩ කතාවලට අමතරව අනික් කතා ලියලා පල කරන්න වෙනම තැනක් දෙන්න හිතුවා(හෝම් පේජ් එකෙ මැද්දෙ මුදුනෙම…
http://www.thelastrow.net