Feeds:
Posts
Comments

Posts Tagged ‘සිංහල’

සිංහලද? සිංහල යුනිකේතද?

සමහරුන්ට මේක ටිකක් අවුල් සහගත වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා හැමෝටම තේරෙන භාෂාවෙන් මේ ගැන ලිව්වොත් හොඳයි කියල හිතුනා. ඒවාගේම සිංහල බ්ලොග්කරුවන්ගේ සමූහයේ සාකච්චා වුනු සමහර කාරනා (කලාව සහ සිංහල යුනිකේත) මෙයට අදාලයි. මේ දිනවල කාර්‍ය බහුල නිසා ලිපියේ අඩු පාඩු එහෙම තියෙන්න පුලුවන්.

සිංහල භාෂාව Standard එකක් විදියට Internet එකේ භාවිතා කරන්න ශ්‍රී ලංකාවේ ඊට අදාල ඉහල ආයතන වලින් සම්පාදනය කරපු ක්‍රමවේදයක් තමා සිංහල යුනිකේත කියන්නේ. (මෙම නිර්වචනය හුදෙක්ම පොදු ජනතාවට තේරුම් යන ආකරෙන් සකස් වූවක් මිස 100% තාක්ෂණික නිර්වචනය නොවේ.)

උදාහරණයක්: විවිධ Websites තමන්ට කැමති සිංහල FONT භාවිතා කරමින් සිංහල ලිපි (හෝ වෙනත් දේ) අන්තර්ජාලගත කිරීමෙන් (මෙය එක්තරා අන්දමක වල් බූරු නිදහක්), සිංහල භාශාව කිසි standard එකක් (ආතක් පාතක්) නැති භාෂාවක් බවට පත් වෙනවා. ඒවාගේම Search Engines මාර්ගයෙන් වලට මෙවැනි Content සොයාගත නොහැකි වනවා.

මෙයට විසදුම වන්නේ (කැමැත්තෙන් හෝ අකමැත්තෙන්) සියල්ලෝම එකම Standard එකක් පාවිච්චි කිරීමයි. ඉතින් සිංහල යුනිකෝඩ් පාවිච්චි කිරීමෙන් අප යම්කිසි තේරුමක් ඇති දෙයක් කරනවා.

කලාවද? සිංහලද? සිංහල යුනිකේතද?

ඇයි අන්තර්ජාලයේ සිංහල කලා නිර්මාණ වලට තහංවි දාන්නේ? පින්තූර (Photo/ JPG) මත සිංහලෙන් කවි ලියල සිංහල බ්ලොග් ලිවීමෙන් වන වරද කුමක්ද? මේ සමහර අය නගන ප්‍රශ්න.

කලාවට ඉමක් කොනක් නැති උනත්, තහන්චි පැනවිය නොහැකි උනත්, “කලාව හා තාක්ෂණය” මුසුවනවිට අපට යම්කිසි හික්මීමක්, ආදර්ශයක් සහ තත්වයන් (Standard) වලට යටත්ව වැඩ කිරීමට සිදුවෙනවා.

“සිංහල” භාෂාවක් වශයෙන් දියුනු වූවත්, එය තවම අන්තර්ජාලයේ 100% ප්‍රචලිත වී නැත. ඒ නිසා, ඔබ අන්තර්ජාලයට කුමක් හෝ සිංහලෙන් ඇතුල් කරනවානම්, එය “සිංහල යුනිකෝඩ්” වලින් වීම අන්තර්ජාලයේ සිංහල භාෂාවට ඉහල තත්වයක් රුකුලක් වෙයි.

ඒ බව ටිකක් සාවදානව තේරුම් අරන්, ඔබේ කලාබර අදහස් සහ නිර්මාණ යුනිකෝඩ් භාවිතාකරමින් අන්තර්ජාලයට මුසු කිරීමෙන්, ඔබට විතරක් නොව, මතු පරම්පරාවටද යහපතක් වනු ඇත.

වැඩිදුර විස්තර:
http://www.unicode.org/standard/WhatIsUnicode.html
http://locallanguages.lk/node/95

Read Full Post »

 



පරිඝණක ක්‍රීඩා (PC Games) කිව්වම නොදන්න කෙනෙක් නෑනෙ. සමහර අයටනම් ඉතින් games අල්ලන්නෙ නෑ, සමහර අය කැමතියි. ඉතින් මම හිතුවා ලංකාවේ පරිඝණක ක්‍රීඩා ගැන නොදන්නා කරුනු ටිකක් ගැන ලියන්න. මේ කතාකරන්න යන්නේ අපි සාමාන්‍යයෙන් පරිඝණකයට ස්ථාපනය කොට ක්‍රීඩා කරන single player games නොව, බහු-ක්‍රීඩක (multiplayer) පරිඝණකය ක්‍රීඩා ගැනයි.

ලංකාවේ බහු-ක්‍රීඩක පරිඝණක ක්‍රීඩා (multiplayer games) කරන අය එකතුවී සාදාගත් සමූහ / කංඩායම් (Clan/ Teams) තිබේ. එම සමූහ වල විවිධ වර්ගයේ ක්‍රීඩාවන් ක්‍රීඩාකරන අය සිටී. උදාහරනයක් වශයෙන් මා බැඳී සිටින්නේ [DC] (Death Company) යන සමූහයේ. මා එහි CoD4 (Call of Duty 4) යන පරිඝණක ක්‍රීඩාව ක්‍රීඩා කරනවා. මෙවැනිම තවත් සමූහයන් රාශියක් තිබෙනවා. ජනප්‍රිය සමූහයන් කිහිපයක් නම්; [DC] (Death Company) , MAX, -nA- (Noob Aliance) , =iG=- Infinity Gamers , [ESF] (Extreme Strike Force).

ලෝකයේ ජනප්‍රියම පරිඝණක ක්‍රීඩා වර්ගය වන Massively Multiplayer Online Role-Playing Games (MMORPG) අති විශාල ක්‍රීඩකයන් ගනනක් එකම ක්‍රීඩාවක යෙදවිය හැකි ක්‍රීඩා වර්ගයකි. World of Warcraft එයට උදාහරනක් වේ. මෙහිදී ඔබට ඔබේම Virtual චරිතයක් නිර්මාණය කොට ක්‍රීඩාව ගවේෂණය කිරීමට සහ එහි තිබෙන විවිධ අභියෝගයන්ට මුහුන දීමට පිලිවන්.

මීට අමතරව ඉතා බහුල වශයෙන් ක්‍රීඩා කරන First Person Shooter (FPS) වර්ගයේ ක්‍රීඩා අතර Counter Strike (CS) සහ Call of Duty 2/4/5 යන ක්‍රීඩාද අයත් වෙනවා. මෙම ක්‍රීඩා ඉතා සජීවී සහ ආක්‍රමණශීලී ගතියක් ගන්නේ එය සාමාන්‍යයෙන් කෙනෙක්ගේ ඇස් මට්ටමෙන් පෙපෙන ආකාරයට සාදා තිබෙන නිසාය. තාත්වික බවින් ඉතා ඉහල ගනයේ ක්‍රීඩා වැඩි වශයෙන් නිකුත් වන්නේ First Person Shooter (FPS) ක්‍රීඩා වර්ගයේදී සහ 3rd Person Shooter ක්‍රීඩා වලදීය.

2008 ලෝක පරිඝණක ක්‍රීඩා තරඟාවලියට (2008 World Cyber Games) ලංකාවෙනුත් කන්ඩායමක් සහභාගී උනා. මෙම කන්ඩායමේ නම Team Liquid.

දැන් GoogleTalk, MSN, Yahoo පාවිච්චි කරන්නේ නැති කෙනෙක් හොයාගන්න බෑ. ඒවාගේම බහු-ක්‍රීඩක පරිඝණක ක්‍රීඩා කරන අය X-Fire යන  මෘදුකාංගය පාවිච්චි කරනවා. තවද මෙම මෘදුකාංගය අප පරිඝණකයේ ස්ථාපනය කර ඇති පරිඝණක ක්‍රීඩා ස්වයන්ක්‍රීයව හදුනාගෙන එක ක්‍රිඩාව ක්‍රීඩා කිරීමට හැකි සර්වර් සොයා දෙනවා.

Team PeRks

මීට මාස කිහිපයකට කලින් දක්ෂතම CoD4 ක්‍රීඩකයින් එකතු කොට ලංකාවේ පලමු සහ එකම වෘත්තිමය CoD4 කණ්ඩායම (Pro-Team) සාදනු ලැබුවා.

එහි නම Team PeRks. මෙය කිසිම රාජ්‍ය අනුග්‍රහයකින් කල දෙයක් නොවේ. ලංකාවේ පරිඝණක ක්‍රීඩාව ලෝක මට්ටමකට ගෙන ඒම සඳහා ටික දෙනෙක් එකතුවී කල දෙයක්. ලඟදී මටත් ආරාධනාවක් පැමිණියා Team PeRks වෙතින්. ඉතින් මමත් දැන් Team PeRks වල සාමාජිකයෙක්.

මේ වන විට අප තරඟාවලි කිහිමයකට සහභාගී වෙමින් සිටිනවා. European Open Cup, Asian CoD4 Championship (ACC) මේවායින් සමහරක්. මධ්‍යස්ථව සිතා බැලුවොත් අප ඉතා කෙටි කලකින් අඩුම් පහසුකම් මැද වේගවත් දියුනුවක් ලබා තිබෙනවා. බහු ක්‍රීඩක පරිඝණක ක්‍රීඩාවල (Online Multiplayer Games) විශේෂ අංගයක් වන්නේ Network Ping (Latecy) එක. අප විදේශ රටවල් සමඟ ක්‍රීඩා කිරීමේදී අපට ඉතා ඉහල Ping එකක් ලබෙනවා. මොකද අපට එංගලන්තය, ජර්මනිය වැනි ඉතා දුට පිහිටා තිබෙන රටවල සර්වර් වල ක්‍රීඩා කිරීමට සිදුවන නිසා.

මේ නිසා අප කොතරම් ඉක්මනට ක්‍රීඩා කරත් මිලි තප්පර 250+ වැඩි ප්‍රමාදයක් ස්වයංක්‍රියවම අපට ලැබෙනවා. ඒ කියන්නේ අප දැන් කරන දේ ඔවුනට පෙනෙන්නේ මිලි තප්පර 250+ පස්සේ. CoD4 යනු ඉතා අධිවේගී තාත්වික ක්‍රීඩාවක් නිසා මිලි තප්පර 50ක වෙනසත් තරඟයක් වෙනස් කිරීමට සමත්.

ඉතින් විදේශ ක්‍රීඩකයින්ට අපට වඩා මිලි තප්පර 200+ ක වාසියක් තිබෙනවා. මේ නිසා Ping එක නිසා පැරදුනු තරඟත් තිබෙනවා. කෙසේ නමුත් මේවායින් සැලෙන්නේ නැතුව අප දිගටම විදේශ කන්ඩායම් සමඟ තරඟ පවත්වනවා.

ඔබට CoD4 මොනවාගේ ක්‍රීඩාවක්ද කියා දැන ගැනීමට ඕනෑනම් පහත විඩියෝ clip එක බලන්න. High Quality Button එක press කර බැලුවොත් ඉතා හොඳට පෙනේවි. 🙂

ආහ් තව දෙයක්, බහු ක්‍රීඩක පරිඝණක ක්‍රීඩාවල යෙදෙන අය තමන්ව හදුන්වන්නේ ඇත්ත නමින් නෙමෙයි. ඔවුන් වෙනස් නම් පාවිච්චි කරනවා. මේ තිබෙන්නෙ Team PeRks කන්ඩායමේ සාමාජිකයින්ගේ නම්;

1. Madhatter
2. Toxin
3. Shafrox
4. Psycho
6. Krycek
5. Pabasara
6. Pirate
7. Whendras

ඉතින් ඔබත් බහු-ක්‍රීඩක පරිඝණක ක්‍රීඩාවල යෙදීමට කැමතිද?

Read Full Post »

2007 ජූලි 20 වෙනිදා මම ලිව්ව පොඩි කවියක් ‘The Queqe to Hell‘ කියල, හැබැයි ඉංග්‍රීසියෙන්. ඒකට ටිකක් හොඳ ප්‍රතිචාර ටිකක් ලැබුන. ඉතින් ඒ කවිය මට සිංහලට හරවන්න හිතුන. හැබැයි ඉතින් මම කවියෙන් නම් නොවේ. බලන්න ඒකෙයි මේකෙයි වෙනස. කියන්න මට හොඳ නරක.

ආහ්.. අමතක උනා! පුලුවන්නම් හොයන්න මොන ‘පෝලිමක්’ ගැනද මේ කියන්නෙ කියල? කාටවත් තාම හොයාගන්න බැරි උනා.

 

පෝලිම
පෝලිම

 

 

පෙනෙයි.. පන්ති කාමරයේ සීලිම් සිදුරු තුලින් ගලා එන හිරු එලිය 

දිස්වෙයි.. තුන් මසකට කලින් අලුත් වැඩියා කෙරුනු ගේට්ටුවට ඔබ්බෙන් ඇති කඩතොලු වූ පාර

නොදනිමි.. මවක් අත සිටින ලදරුවා හඬන හේතුව

දැනෙයි.. මේ සෞම්‍ය උදෑසන සිහිල් සුලඟ… නමුදු අන් කවරෙකුටවත් එය නොදන්නවා වැන්න

පනිති.. මිනිසුන් පිරිසක් බිමට, නොනැවතුනු හේතුවෙන් බසය

සිනහවෙයි.. සොල්දාදුවන් කිහිපදෙනෙක්, හැඟීම් දැනෙන්නේ ඔවුනට පමනක් මෙන්

සිටිති.. මිනිසුන් පිරිසක්, පාට පාට ඇඳුමින් සැරසී… බොරු සිනහවෙන් මුහුනු සරසමින්, මකාලන්නට බැරිව, ඔවුන්ගේම දුප්පත්කම!

විසිකලා මා ඒ කොලය… කීතු කීතු වලට ඉරමින්…

ඉඩදී පෝලිමේ අනෙකුන්ට… ලකුනු කරන්නට ඔවුන්ගේම ගමන නිරයට!

Read Full Post »


උතුරු සළුව ළිහී වැටී
උතුමාණෝ නිරුවතින්..
සිව් වෙනි සිල් පදය බිඳී
එතුමාණණ්ගේ අතින්..

සියල් සතට නිවන් යන්න පාර කියන අදහසින්
තව් තිසාව මවනවාලු කොලොම් පුර ගෙවල් මැදින්
තාප්පවල බිත්ති දිගේ සිනා සිසී සීරුවෙන්
සුදට සුදේ එතුමාණෝ පින් පාටින් බබළමින්..

සභා තොමෝ වෙත යවන්න මනාපයක් දෙන ලෙසින්
උතුමාණෝ ඉල්ලනවා සිහින සාප්පුව ඇරන්..
ඇල් වතුරෙන් කුස පුරවන් ආපු සෙනඟ පැල්පතින්
එතුමා හට ජය පතනව මද පමණක් ලත් සැණින්..

නාවර පිරි පුන්චි පැටව් සිප ගනිමින් සෙනෙහසින්..
මැදුරට ගොස් සැනහෙනවා විෂ නාසක දියරයෙන්
තිතට මත තියා සවසට යාළු මිතුරු සාදයෙන්
ඡන්ද සටන ගැන දොඩවති ලාබ ලබන මග බලන්..

෴රතු තරුව෴


෴රතු තරුව෴ මා නොවෙමි. මේ කවි ‘රතු තරුව’ යන කිවිඳිය ලියා පලකිරීමට මට දුන් ඒවාය.

Read Full Post »

මා මේ දිනවල නව ගීයක් සෑදීමට මියුරු ගී පද කිහිපයක් එකතු කරමින් සිටිමි. බොහෝ විට (වඩාත් ප්රිය කරන මාතෘකාවක් වන) “ආදරය” තේමාව ලෙස ගැනීමට ඉඩ ඇති මුත්, ගීත රචකයාට එය බාරදීම හොඳයි කියා සිතමි. විරහ ගීත නම් එතරම් ප්රිය නැත.

මෙලෙස එවූ ගීතයක් මා තොරා ගතහොත් එම ගීත රචකයාට එය දනුම් දීමෙන් පසුව, ඔහුට හෝ ඇයට (දැනට ක්ෂේත්රයේ පිලිගත්) සාධාරන ගෙවීමක් කිරීමට බලාපොරුත්තු වෙමි.

මෙම ගීතයේ සියලුම හිමිකම් ලංකාවේ පවතින නීති රෙගුලාසි අනුව තීරණය කරනු ලබයි. ඒ අනුව ගීත නිරමාණකරුට සහ ගීත රචකයාට එම අයිතිය සතුයි.

ගීතයේ රසය, නිර්මාණය, සංගීත සංයෝජනය, ගායනය, පටිගත කිරිම සහ ප්රචාරය උපරිම තත්වයන් රැක ගනිමින් කරනු ලැබේ.

අවස්තාවක් බලාපොරුත්තුවෙන් සිටි දක්ෂ, හැකියාව ඇති තරුණ ගීත රචකයින්ට මෙය අනඟි අවස්තාවක් වෙයි කියා මා බලපොරොත්තු වෙමි.

සියලු පද රචනා හර්ශදේව[ඇට්]ජීමේල්.කොම් (harshadewa@gmail.com) යන විද්යුත් ලිපිනයට යොමු කරන්න.

මෙම ලිපිය, මෙහි පලවූ “Calling All Lyricists” නම්වූ ඉංග්රීසි ලිපියෙහි සිංහල පරිවර්තනයයි.

Read Full Post »