Feeds:
Posts
Comments

Posts Tagged ‘Sky UFO Story’

Meteor

Meteor

සවස 6 පමණ ගෙදර යන්න හිතාගෙන ඔන්න මම ඔෆිස් එකෙන් එලියට බැස්සා. වෝක්ෂෝල් වීදියේ ශ්‍රීලංකා ඉන්ෂුවරන්ස් දෙසට ටික දුරක් ඇවිදින ගමන් නිකමට වගේ අහස දිහා බැලුවා. උඩ බලාගෙන ඇවිදින එක එච්චර සුභ දෙයක් නොවුනත් අහස අමුතු පාටක් නිසා බලාගෙනම ඇවිද්ද (පොඩි කාලෙ ඉඳන් මට ආසාවක් තියෙනවා අහස රසවිදින්න).

පාරේ වාහන එකක් දෙකක් ගමන් කරත් ඒ වෙලාවෙ පොඩි පාලු ගතියක් තිබුනා. මම දැක්කා ලඟින්ම තවත් කෙනෙක් ගමන් කරනවා. ඔන්න එක පාරටම මම දැක්ක දිලිසෙන් යම් දෙයක් අහසේ එක් පැත්තක සිට ඉතා අදික වේගයෙන් ගමන් කරනවා. එක පාරටම මට හිතුනෙ ජෙට් එකක් කියල. හැබැයි ජෙට් යනව මම කලින් දැක ඇති නිසා මේක ඊට සමානද අසමානද කියල මම කල්පනා කරා. ඔන්න මට පේනව ජෙට් තුනක්. මේනම් ජෙට් වෙන්න බෑ කියල හිතුනෙ එතකොට තමා. මොකද මේ දිලිසෙන වස්තූන් තුන එකිනකට ලඟින් ඉතා වේගයෙන් තමා යන්නෙ. කොච්චර වේගවත්ද කියල මට හිතාගන්නත් බෑ. මට හිතුන ඒක රේස් එකක්ද කියලත්. ඉතිත් එහෙම රේස් යන ජෙට් නෑනෙ. අනිත් එක ඒවා කහපාටට දිලිසුනු නිසා කොහෙතම ජෙට් හෝ ප්‍රහාරක ජෙට් වෙන්නත් බෑ.

ඔන්න දැන් මම නැවතිලම බලන් ඉන්නව මේක දිහා. ටික වේලාවකින් කොලඹ සුවිසල් බිල්ඩින් වලට පිං සිද්ද වෙන්න ඒ දර්ශනට නොපෙනී ගියා. ඔය ඔක්කොම වෙන්න තප්පර 30ක් විතර යන්න ඇති. හැබැයි ඒ ගිය වේගෙට මට හිතුනෙ තප්පර 5ක් වගේ. මම තවත් ටික වෙලාවක් තුෂ්ණිම්භූත වෙලා අහස දිහා බලන් හිටියා. පිටිපස්ස හැරුනමයි දැක්කෙ මට පිටුපසින් ආපු මනුස්සයත් මේක දැකපු විත්තිය.

ඔහුත් ටිකක් බයවෙලා වගේ මං දිහා බැලුව. මම ඔහුගෙන් මුලින්ම ඇහුවෙ ‘මොකද්ද ඒ?’ කියල. ඔහුට එකපාරටම දෙන්න උත්තරයක් තිබ්බෙ නෑ. යලි ගමන් අරඹන ගමන් ඔහු යාන්තමට ‘එයාෆෝස් මොකද්ද..’ කියල කියාගෙන ගියා. මට අන්තිම වචනෙ හරියට ඇහුනෙ නෑ. කෙසේවෙතත් ඔන්න මම දාහක් දේ හිතහිතා ගෙදර ආව.

ආපු හැටියෙ කරේ ඇදුම්වත් මාරු නොකර Youtube එකට යාමයි. මොකද මට ඕනෙවෙලා තිබ්බ ඒක උල්කාපාතයක්ද නැද්ද කියල හරියටම දැනගන්න. හැබැයි ඒක දැක්ක කිසිකෙනෙක් ඒ ‘උල්කා තුනක් වැටෙන දර්ශනයක්’ බව නම් කියන්නෙ නැතිබව මට හොඳටම විශ්වාසයි. ඒ වස්තූන් තුන එකිනෙක පරයමින් එකම පැත්තකට ඉතාවේගයෙන් යෑම මට ලොකු පැනයක් උනා.

මට Youtube එකෙන් උල්කා වර්ෂාවල විඩියෝ දර්ශන ටිකක් සොයා බලාගන්න හැකිඋනා. මම ඉතා ලොකු උත්සාහයක් ගත්තා මේ උල්කාෂ්මමැයි කියා ඔප්පු කරන්න. ඒත් මට ප්‍රෂ්න රැසක් පැන නැගුනා.

එකක් තමා එසේ පෙනෙන උල්කා වර්ෂා වල එවැනි දිලිසෙන වස්තූන් දහස් ගනන් පෙනෙන්නට ගැනීම. මට පෙනුනේ ඉතා පැහැදිලි වස්තූන් තුනකි. ගිනිගෙන දැවෙන ස්වභාවයක් එහි දක්නට ලැබුනේද නැත. මා දැකපු විඩියෝ වල රාත්‍රී අහසේ උල්කා වර්ශා තිබුනත්, එලිය තියෙන වෙලාවක ගත්ත විඩියෝ එකක් දැකගන්නට ලැබුනේ නෑ.

කෙසේ නමුත් මම මෙවැනි දර්ශනයක් කලින් දැක නැති නිසා සහ ඉන් පසු දැක නැති නිසාත් කිසිදාක අමතක නොවන සිදුචීමක් ලෙස මගේ මතකයේ තියේවි. මේක බ්ලොග් එකේ ලියන්න දෙයක්ද කියල සමහරුන්ට සිතේවි. ඒත් මම ආසයි ඔබත් මෙහෙම දෙයක් දැකලා තිබේනම් ඒ ගැනත් දැනගන්න. මොකද මේ ලෝකයේ වඩාත්ම ගුප්ත සහ පුදුම සහගත දේවල් දෙක තමා අහස සහ සයුර.

හැබැයි මම ඔය අහසේ යන හැම දේම පිටසක්වල යානා කිය කියා උඩපනින කෙනෙක් නෙමෙයි. ඒත් ඉතින්, කවදාහෝ හදුනාගන්නා තුරු මා එය හඳුන්වන්නේ ‘හඳුනානොගත් පියාසර වස්තුවකි’ කියාය.

Read Full Post »