Feeds:
Posts
Comments

Posts Tagged ‘කලාව’

සිංහලද? සිංහල යුනිකේතද?

සමහරුන්ට මේක ටිකක් අවුල් සහගත වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා හැමෝටම තේරෙන භාෂාවෙන් මේ ගැන ලිව්වොත් හොඳයි කියල හිතුනා. ඒවාගේම සිංහල බ්ලොග්කරුවන්ගේ සමූහයේ සාකච්චා වුනු සමහර කාරනා (කලාව සහ සිංහල යුනිකේත) මෙයට අදාලයි. මේ දිනවල කාර්‍ය බහුල නිසා ලිපියේ අඩු පාඩු එහෙම තියෙන්න පුලුවන්.

සිංහල භාෂාව Standard එකක් විදියට Internet එකේ භාවිතා කරන්න ශ්‍රී ලංකාවේ ඊට අදාල ඉහල ආයතන වලින් සම්පාදනය කරපු ක්‍රමවේදයක් තමා සිංහල යුනිකේත කියන්නේ. (මෙම නිර්වචනය හුදෙක්ම පොදු ජනතාවට තේරුම් යන ආකරෙන් සකස් වූවක් මිස 100% තාක්ෂණික නිර්වචනය නොවේ.)

උදාහරණයක්: විවිධ Websites තමන්ට කැමති සිංහල FONT භාවිතා කරමින් සිංහල ලිපි (හෝ වෙනත් දේ) අන්තර්ජාලගත කිරීමෙන් (මෙය එක්තරා අන්දමක වල් බූරු නිදහක්), සිංහල භාශාව කිසි standard එකක් (ආතක් පාතක්) නැති භාෂාවක් බවට පත් වෙනවා. ඒවාගේම Search Engines මාර්ගයෙන් වලට මෙවැනි Content සොයාගත නොහැකි වනවා.

මෙයට විසදුම වන්නේ (කැමැත්තෙන් හෝ අකමැත්තෙන්) සියල්ලෝම එකම Standard එකක් පාවිච්චි කිරීමයි. ඉතින් සිංහල යුනිකෝඩ් පාවිච්චි කිරීමෙන් අප යම්කිසි තේරුමක් ඇති දෙයක් කරනවා.

කලාවද? සිංහලද? සිංහල යුනිකේතද?

ඇයි අන්තර්ජාලයේ සිංහල කලා නිර්මාණ වලට තහංවි දාන්නේ? පින්තූර (Photo/ JPG) මත සිංහලෙන් කවි ලියල සිංහල බ්ලොග් ලිවීමෙන් වන වරද කුමක්ද? මේ සමහර අය නගන ප්‍රශ්න.

කලාවට ඉමක් කොනක් නැති උනත්, තහන්චි පැනවිය නොහැකි උනත්, “කලාව හා තාක්ෂණය” මුසුවනවිට අපට යම්කිසි හික්මීමක්, ආදර්ශයක් සහ තත්වයන් (Standard) වලට යටත්ව වැඩ කිරීමට සිදුවෙනවා.

“සිංහල” භාෂාවක් වශයෙන් දියුනු වූවත්, එය තවම අන්තර්ජාලයේ 100% ප්‍රචලිත වී නැත. ඒ නිසා, ඔබ අන්තර්ජාලයට කුමක් හෝ සිංහලෙන් ඇතුල් කරනවානම්, එය “සිංහල යුනිකෝඩ්” වලින් වීම අන්තර්ජාලයේ සිංහල භාෂාවට ඉහල තත්වයක් රුකුලක් වෙයි.

ඒ බව ටිකක් සාවදානව තේරුම් අරන්, ඔබේ කලාබර අදහස් සහ නිර්මාණ යුනිකෝඩ් භාවිතාකරමින් අන්තර්ජාලයට මුසු කිරීමෙන්, ඔබට විතරක් නොව, මතු පරම්පරාවටද යහපතක් වනු ඇත.

වැඩිදුර විස්තර:
http://www.unicode.org/standard/WhatIsUnicode.html
http://locallanguages.lk/node/95

Read Full Post »