Feeds:
Posts
Comments

Archive for the ‘Sinhala’ Category

හැමදාම වගේ කන කට්ටක් ගැන ලියන්න හිතුනා. මේක ගැන මම කලිනුත් ලියල තියෙනව. අපේ සිංහල බ්ලොග් කරුවන්ගෙ අදහසුත් දැනගන්න එක හොඳයනේ.

පෞද්ගලික බස් සේවාව

මෙන්න මේව තමා අපේ පෞද්ගලික බස් සේවාව අපට සපයන විශේෂ සේවාවන් සහ අංගයන් (features)

  • හරි වෙලාවට කලාවට බස් පිටත්වීම සහ ගමනාන්තයට ලඟාවීම.
  • හරියටම බස් නැවතුම්පල වල පමනක් බසය නැවැත්වීම.
  • සියලුම මගීන් බසයෙන් නගින තුරු සහ බසින තුරු අඟලක් වත් හොල්ලන්නෙ නැතිව සිටීම.
  • කොන්දොස්තර මහත්වරු මගීන්ට ඉතා කාරුනිකව කතාකිරීම සහ මුදල් දුන්නාද කියා හරියටම පසක් කරගැනීමටම පමනක් දෙපාරක් විමසීම.
  • මුදල් ගෙවන පරක්කුවෙන් ටිකට් පතක් ලබා දීම.
  • වාහන තදබදය වලක්වාගැනීමට කරන උදව්වක් වශයෙන් කිසිම අනවශ්‍ය තැනක බසය නොනැවැත්වීම.
  • මගීන්ට පරක්කු වේලාවන්ට පමනක් ඉතා සුපරික්ෂාකාරීව අධිවේගයෙන් ගමන් කිරීම.
  • කොන්දොස්තර මහත්වරු ඉතුරු සල්ලි හරියට ලබාදෙන නිසා මගීන් මාරු කාසි ලඟතබා ගැනීම අනවශ්‍යය.
  • සිටගෙන යන මගීන්ට අනෙකුත් මගීන්ගෙන් පශ්චාත් භාග සම්බාහන සේවාවන් ලැබිම සහ ඉඳගෙන යන මගීන්ට කොන්දොස්තර මහතාගේ පශ්චාත් භාගයෙන් අත් සහ උරහිස් ප්‍රදේශයන්ට සම්බාහන සේවාවන් ලැබිම. (මේ සියල්ල ඔබේ ටිකත් පතේ මුදලට එකතුකට ඇත. වැඩිපුර ගෙවීමක් අවශ්‍ය නැත.)
  • ගැහැනු පාර්ශයන්ට පිරිමි මගීන්ගෙන් විශේෂ සම්බාහන සේවා ලැබීම සහ ඒවාගැන කතාකිරීමට යාමේදී අලුත් වාහනයක් මිලදීගෙන ගමන් කරන ආකාරය ගැන කොන්දොස්තර මහත්වරුන්ගෙන් උපදෙස් ලැබීම.
  • බස් සේවකයන්ගේ සංගම් මගින් ඔවුන් මගීන්ට ලබාදෙන පහසුකම් වැඩි දියුනු කිරීමට ඇපකැප වී සිටීම සහ මහජනතාව ඉතා ප්‍රීතියට පත් කරන වැඩ වර්ජන වැනි දේ ආරම්භ කිරීම.

සැලකිය යුතුයි: මේ විවේචනයන් කාටවට්ත් මඩ ගැසීමට නොව වැරදි හදාගන්නටය.

මෙහි නොමැති ඔබ දන්නා තවත් විශේෂ අංගයන් තිබේනම් සටහනක් තියන්න.

Read Full Post »

නිදහස්ව යනතුරා

නිදහස්ව යනතුරා

මගේ හද ගීතයට
තනුව වූ නුඹම යළි
මගේ නෙතු කඳුළුවල උණුසුමත් වෙලා..
කවියක් වගේම හැඩට
ලියාගෙන ආ ජීවිතය,
ආයෙමත් අතරමග නැවතිලා තනිවෙලා..
කදෝපැණියෙකු ලෙසින්
ජීවිතය බදාගෙන
වේදනා වින්ද සිත,
මරණයට ගී ගයන රැහැයි හඬ මැද තනිව
මග බලා ඉන්නවා..
නිදහස්ව යනතුරා මේ කයින් ඉක්මනට

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

මට ඇත්නම්

එකම එක වාරයක්

එකම එක වාරයක්
නිල් තුරු සළුව යටින් නිදහසේ පියනගන්නට ඇත්නම්..
තරු වියනක් යට සඳ සේළයට ගුළි වී
සැතපෙන්න ඇත්නම්…
පියාපත් යුග විදා එකම එක වාරයක් විසල් නුඹ ගැබ පුරා
පියාඹා යන්න ඇත්නම්..
මහවාළුකාවේ දිය පොදක් වී
මේ මහපොළොව සිඹ්න්නට ඇත්නම්..
මහා ගිරිකුළු මුදුනකට නැග
මේ ළොවට කොයි තරම් ආදරේදැයි කෑ ගසා කියන්නට මට ඇත්නම්….

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

මේ අහපන් යාළුවා

මේ අහපන් යාළුවා

මේ අහපන් යාළුවා..
උඹ දන්නවා හොඳටම උඹ කවුද කියලා..
උඹට පයින් ගහලා බිමදාපු උන්ගෙ කකුලුත් හපාගෙන
නැගිටපන් ආයිමත්;
සටන් කරපන්..
ජීවිතය යුද්දයක්..
අනිත් හැමෝම දිනද්දි
උඹට විතරක් පරදින්ඩ බැහැ..
කඩාවැටෙන්න එපා..
කෙළින් තියාගනින් ඔළුව
බලාපන් ලෝකය දිහා..
අපි මේ දුවන රේස් එකේ..
උඹේ දුක අහලා කඳුළු බෙදා ගන්න
කවුරුවත් නවතින්නේ නැහැ..

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

වස්සානය නැත තවම ඇවිදින්

වස්සානය

වස්සානය නැත තවම ඇවිදින්,
පොළෝ තළයම වියළි කතරකි
මගේ පුංචි පළඟැට්ටෝ..
එන්න එපා තවම පිටට, සැඟවී නුඹ සිටින තැනින්..

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

පින්තූර: හර්ෂදේව
සංකල්පනා: ෴රතු තරුව෴

Mini Photojournal Episode 1

Mini Photojournal Episode 2

Read Full Post »

TechKathaසිංහල බ්ලොග් එමටය. සිංහල වෙබ් අඩෙවි එමටය. සිංහල ෆෝරම් එමටය. සිංහල ‘පොඩ් කාස්ට්’ නැතුවමත් නොවේ.. එනමුත් පොඩ් කාස්ට් සමඟ බ්ලොග් මුසුවක් දැක තිබේද?

මෙය එසේ මෙසේ අඩෙවියක් නොව, මිනිසුන්ගේ අනේකවිද ‘තාක්ෂනික’ ප්‍රශ්න වලට නොමිලයේම උත්තර සපයන සේවාවකි. පුදුමයි නේද?

නමින් මෙය ‘Techකතා’ය (www.techkatha.com). කරගෙන යන්නේ 6 දෙනෙකු විසිනි.

කාලිංග ඇතුලත්මුදලි
බුද්ධික ජයසිංහ
තිලිණ ගුණසේකර
හර්ෂදේව ආරියසිංහ
ඩනිෂ්ක නවීන්
මලින්ත සමරකෝන්

කෙටියෙන් කියතොත්, ඔබලාගේ ඕනෑම තාක්ෂනික ප්‍රශ්නයක් මෙම අඩෙවියට යොමු කිරීමෙන් පිලිතුරු ලබා ගැනීමට පිලිවන්. ප්‍රශ්න යොමු කිරීමට මාර්ග කිහිපයක් තිබේ. Skype හරහා, ඊ මේල් මගින් සහ Techකතා වෙබ් අඩෙවියේ තිබෙන පෝරමයෙන්. මේ ඕනෑම ක්‍රමයකින් ප්‍රශ්න යොමුකිරීමට ඔබට පිලිවන්.

පිලිතුරු පොඩ් කාස්ට් එකකින් ලැබේවි. දැනටමත් මෙහි 3 වන වැඩසටහන නිකුන් කර අවසන්‍.

ටෙක්නොලොජි ශ්‍රී ලංකාවේ ජනප්‍රිය වීම මන්දගාමී වීමට මූලික හේතුවක් වන්නේ ඉංග්‍රීසි බසය. මෙය නැසීමට කල යුතු එක පියවරක් වන්නේ පෙර පාසැල් අධ්‍යාපනයේ සිටම ඉංග්‍රීසි අනිවාර්‍ය කරමින් මවු භාෂාව මෙන්ම ප්‍රගුණ කිරීමට උදවු දීමය. දෙවනුව, දැනට තිබෙන ප්‍රශ්නයට පිලිතුරක් ලෙස ටෙක්නොලොජි සිංහලෙන් කියාදීමය.

මෙහිදී ටෙක්කතා ලාංකීය ජනයාට හොඳ පසුබිම සකසා ඇත. එයට එක්වන්නට සහ දිරි දෙන්නට ඔබටත් ආරාධනා…!

ප.ලි: මෙහි තේමා ගීතය නිර්මාණය කිරීමට මට භාර වුනා. ඔබට එය මාගේ mini-blog/tumblr එක තුලින් සවන් දීමට පිලිවන්.

Read Full Post »

සිංහල භාෂාව මෘදුකාංගගත හෝ ඉන්ටර්නෙට්ගත කිරීමට ඒ ගැන දන්නා උදවිය කලක පටන් උත්සාහ කෙරූහ. එහි ප්‍රතිපලයක් වශයෙන් සිංහල මෘදුකාංගගත කිරීමට වෙර දැරූ මෘදුකාංග ඉන්ජිනේරුවන් දන්නා වැඩ සියල්ල දමමින් විවිධ ක්‍රමවේදයන් හරහා එය කිරීමට සමත් වුහ.

ආරම්භයේදී සිංහල අකුරු රටා හන්දුන්වාදුන් ඔව්හු පසුව උසස් සහ සංකීර්නණ ක්‍රමවේද හන්දුන්වා දුන්හ. නිදසුනක් ලෙස කැන්ඩි (Kandy) අකුරු රටාව (Fonts) මට මතක මුල්ම අකුරු රටා වලින් එකකි. අනෙකුත් ක්‍රමවේද අතුරින් සිංහල අකුරු රටා නොමැතිව ඊමේල් යැවීමේ ක්‍රමයක් හන්දුන්වාදීම උදාහරනයක් ලෙස ගත හැක. මේ ක්‍රමයෙන් අප ලියන සිංහල අකුරු ඉතා කුඩා පින්තූර වශයෙන් අලලා එය ඊමේල් කිරීම මගින් සිංහල අකුරු රටා නොමති අයෙකුට වුවද ඉතා පහසුවෙන් සිංහල ඊමේල් කියවීමට හැකි විය.

ක්‍රමයෙන් සිංහල අකුරු රටා වැඩි වීම සහ ජාතික හෝ ජාත්‍යන්තර තත්වයේ අකුරු රටා නොමැති වීම මෙවැනි දුශ්කර සංකීර්ණ මෘදුකාංග සංවර්ධනයන්ට පාර කීවේය. මෙවැනි පසුබිමක් තුල සිංහල යුනිකේත (Unicode) අකුරු නිර්මානය කිරීම සහ ඊටත් වඩා එය ජාත්‍යන්තර තත්වයන් යටතට ගෙන එන උත්සාහය ඉතා ප්‍රශන්සනීය කරුනකි. සිංහලෙන් බ්ලොග් මැරතන් දිවීම එහි නවතම පියවරයි.

වර්තමානය ගැන කතා කරනවිට සිතා ගනීමට පවා නොහැකි වේගයෙන් සිංහල බ්ලොග් කරුවන් තම ලිපි උන්මාදයෙන් මෙන් අන්තර්ජාලගත කරති. මෙය සෑම දිනකම වැඩිවෙනවා වෙනුවට දෙගුන වීමක් දක්නට ලැබේ. එය හරියට පේ‍රාසෙසර් වල වේගය වැඩි වීම කියූ මුවර්ගේ නියමය වාගේය.

ඉදින් අද පටන් මමත් සිංහල වංශ කථාවේ සාඩම්බර බ්ලොග් කරුවෙකි.අනෙක් රටවල් ලෝකලෛසේශන් (localization) හෙවත් මව් භාෂාවට පරිවර්ථනය කිරීම අපට ප්‍රථමයෙන් කෙරුවත්, දැන්වත් එය අපට හැකිවීම කෙරෙහි මම සතුටු වෙමි.

රටකට අවශ්‍ය ගෝලීයකරනය (globalization) පාලනයකොට ලෝකලෛසේශන් වැඩි කිරීමය. ගෝලියකරනය නැති කිරීමට බැරි දෙයකි. නමුදු එය පාලනය කිරීම සහ එය අපේ වාසියට හරවා ගනීම කළ හැකි දෙයකි.

අප රටේ තොරතුරු සන්නිවේදන/පරිඝනක මාද්‍යට ඇතුල් වීමත ඇති ප්‍රධානම බාධකය නම් ඉංග්‍රීසි භාෂාවය. මෙය මගහරවා ගැනීනට ක්‍රම කිහිපයකි.

– පලමුව ඉතා හොඳ ඉංග්‍රීසි සහ පරිඝනක දැනුමක් ළමා කල සිටම පාසැලෙන් ලබාදිය යුතුය.
– දෙවැනුව දැනට තිබෙන ඉංග්‍රීසි ලිපි, මෘදුකාංග සහ අනෙකුත් මෙකී නොකී සෑම දේම සිංහලට පරිවර්ථනය කළ යුතුය.

මේ දෙකම හරියට පිලිපැදීමෙන් පමනක් අපට තවත් දියුනු වීමට හැකි වේවි.

ඉදින් මාගේ ප්‍රථම සිංහල බ්ලොග් ලිපිය ඕනෑවට වඩා දිගුකොට ඔබට දෙවැන්න කියවීම එපා කරවීම හොඳ කාරනාවක් නොවන නිසාවෙන් නවතිමි. කෙසේ වෙතත් දිගු කලක් සිට ලිපියකට කරුනු එක් කිරීමට නොහැකිව සිටි මට, බ්ලොග් නැමැති කාන්තාරයේ සිංහල නැමැති ක්ෂේම භූමියක් හමුවු සේක!

හර්ෂදේව ආරියසිංහ

Read Full Post »