සිංහල බ්ලොග් එමටය. සිංහල වෙබ් අඩෙවි එමටය. සිංහල ෆෝරම් එමටය. සිංහල ‘පොඩ් කාස්ට්’ නැතුවමත් නොවේ.. එනමුත් පොඩ් කාස්ට් සමඟ බ්ලොග් මුසුවක් දැක තිබේද?
මෙය එසේ මෙසේ අඩෙවියක් නොව, මිනිසුන්ගේ අනේකවිද ‘තාක්ෂනික’ ප්‍රශ්න වලට නොමිලයේම උත්තර සපයන සේවාවකි. පුදුමයි නේද?
නමින් මෙය ‘Techකතා’ය (www.techkatha.com). කරගෙන යන්නේ 6 දෙනෙකු විසිනි.
– කාලිංග ඇතුලත්මුදලි
– බුද්ධික ජයසිංහ
– තිලිණ ගුණසේකර
– හර්ෂදේව ආරියසිංහ
– ඩනිෂ්ක නවීන්
– මලින්ත සමරකෝන්
කෙටියෙන් කියතොත්, ඔබලාගේ ඕනෑම තාක්ෂනික ප්‍රශ්නයක් මෙම අඩෙවියට යොමු කිරීමෙන් පිලිතුරු ලබා ගැනීමට පිලිවන්. ප්‍රශ්න යොමු කිරීමට මාර්ග කිහිපයක් තිබේ. Skype හරහා, ඊ මේල් මගින් සහ Techකතා වෙබ් අඩෙවියේ තිබෙන පෝරමයෙන්. මේ ඕනෑම ක්‍රමයකින් ප්‍රශ්න යොමුකිරීමට ඔබට පිලිවන්.
පිලිතුරු පොඩ් කාස්ට් එකකින් ලැබේවි. දැනටමත් මෙහි 3 වන වැඩසටහන නිකුන් කර අවසන්.
ටෙක්නොලොජි ශ්‍රී ලංකාවේ ජනප්‍රිය වීම මන්දගාමී වීමට මූලික හේතුවක් වන්නේ ඉංග්‍රීසි බසය. මෙය නැසීමට කල යුතු එක පියවරක් වන්නේ පෙර පාසැල් අධ්‍යාපනයේ සිටම ඉංග්‍රීසි අනිවාර්ය කරමින් මවු භාෂාව මෙන්ම ප්‍රගුණ කිරීමට උදවු දීමය. දෙවනුව, දැනට තිබෙන ප්‍රශ්නයට පිලිතුරක් ලෙස ටෙක්නොලොජි සිංහලෙන් කියාදීමය.
මෙහිදී ටෙක්කතා ලාංකීය ජනයාට හොඳ පසුබිම සකසා ඇත. එයට එක්වන්නට සහ දිරි දෙන්නට ඔබටත් ආරාධනා…!
ප.ලි: මෙහි තේමා ගීතය නිර්මාණය කිරීමට මට භාර වුනා. ඔබට එය මාගේ mini-blog/tumblr එක තුලින් සවන් දීමට පිලිවන්.
වැරදීමක් 6දෙනෙක් 🙂
සුළු printing mistake එකක්! දැන් හැදුව.. 🙂